%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B7%80%E0%B7%90%E0%B6%A7+%E0%B6%8B%E0%B6%A9
Monday, 29 September 2014 - 10:09
ජ.වි.පෙ. වැට උඩ
37

Shares
4,459

Views
ගත වූ දේශපාලන සතිය උණුසුම් වුනේ පළාත් සභා මැතිවරණය සහ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩයත් එක්ක. පාර්ලිමේන්තු සතියක් වුණු නිසාම මේ සතිය දේශපාලන වශයෙන් කාර්ය බහුල වුණා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝක් නුවරට ගියේ ජගත් මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වෙන්න. ලෝක කාලගුණ සමුළුවෙන් ජාතිය වෙනුවෙන් විහේෂ ප‍්‍රකාශයක් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහා මණ්ඩල සැසි වාරයේදීත් සුපුරුදු විදිහට රට වෙනුවෙන් සුවිශේෂී අදහස් දැක්වීමක් කළා. මේ ගමනෙදි මහලේකම් බෑන් කී මූන් වගේම රාජ්‍ය නායකයන් රැසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළා. දිවයිනට පැමිණීමෙන් පස්සෙ ජනාධිපතිවරයා ලබන සතියේ වතිකානුව බලා පිටත්ව යන්නේ පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරයට අදාළ නිල ආරාධනාව භාර දෙන්න.

ප‍්‍රධාන පක්ෂ සියල්ලම ජනාධිපතිවරණයට සූදානම් වෙනවා කියලා අපි ගිය සතියෙත් කිව්වා. බදාදා රෑ තිබ්බ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂෙ ආසන සංවිධායක රැස්වීමෙදි ඒක තවත් තහවුරු වුණා. ලබන වසරෙදි ජාතික මැතිවරණ දෙකකට සූදානම් වෙන්න කියලයි ඒකෙදි කට්ටිය කියලා තියෙන්නේ. ජනාධිපිතවරණය වගේම මහමැතිවරණයක් ලබන වසරේ තියෙන බව දිගටම සාකච්ඡා වුණු කරුණක් නේ.

මේ අතරේ අයවැයක් නොවැම්බර්වලට කලින් පාර්ලිමේන්තුවට ගෙන එන බවට ප‍්‍රචාරයක් යනවා. මේ ගැන ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදි අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න කළත් ඊට පිළිතුරක් ලැබුනෙ නෑ.

කොහොම හරි දැන් හැමෝම ජනාධිපතිවරණයට තමයි සූදානම් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ දැනටමත් ඒකට එන බව කියල අවසන්. ඒ ප‍්‍රකාශයත් එක්ක පොදු අපේක්ෂක කතාවටත් පොඩි විරාමයක් ආවා. දැන් ජනතා විමුක්ති පෙරමුණට තීරණයක් ගන්න වෙලා. ඒ ගැනත් හැමෝම බලන් ඉන්නවා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
75,481 Views
25,537 Views
35,645 Views
14 Views
120,441 Views
Top