Hirunews Logo
%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%87%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Monday, 06 October 2014 - 9:50
ජයලලිතා නිසා තිස්සට ඇබැද්දියක්.
31

Shares
3,736

Views
හැමදේටම වඩා දැන් හැමෝම කථා කරන්නේ ජනාධිපතිවරණය ගැන. ජනවාරි මාසයේ ජනාධිපතිවරණය තියෙනවා කියලා තමයි ආරංචිය. කොහොමවුණත් දැන්ම ඉඳන් සන්ධානය වගේම එක්සත් ජාතික පක්ෂයත් මැතිවරණ සටනට සූදානම් වනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස්වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඌව මැතිවරණය වගේම ඉදිරි කටයුතු ගැනත් මේකෙදි කථා කළා. ‘‘අපේ ජ්‍යෙෂ්ඨයොම විවේචනය කරගත්තාම ඒවා ඡන්ද ප‍්‍රතිඵලවලට බලපානවා. හැමෝම සමගියෙන් වැඩ කරන්න.’’ ජනාධිපතිවරයා අවධාරණය කළා. ‘‘සර්, සර්ට තුන්පාරක් බෑ කියනවා.’’ එහෙම කිව්වේ බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙක්. ඒකට හැමෝටම හිනා. ‘‘හා, හා දාලා බලන්නකෝ, පුළුවන්ද බැරිද කියලා’’ ජනාධිපතිවරයත් කිව්වේ හිනාවෙවී.

වතිකානු සංචාරය හින්දා කැබිනට් රැස්වීමක් අඟහරුවාදා පැවැත්වුණා. ඒකෙදිත් ප‍්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණ ගැන තමයි සාකච්ඡා වෙලා තියෙන්නේ. ඒකෙන් පස්සේ ජනාධිපතිවරයා අනුරාධපුරයට ගියේ ඩබ්ලිව්.බී. ඒකනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ පුතුගේ අවමඟුල් උත්සවයට සහභාගි වෙන්න. ඒ ගිය ගමන් උඩමළුවට යන්නත් ජනාධිපතිවරයා අමතක කළේ නැහැ. වැඩකටයුතු ඉවරවෙලා ජනාධිපතිවරයා කොළඹ ඇවිත් වතිකානුව බලා පිටත්වුණේ පාප් වහන්සේ බැහැ දකින්න වගේම ඉතාලියේ තුන්දින නිල සංචාරයක් සඳහා.

සිකුරාදා පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අති උතුම් ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ බැහැ දුටුවා. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් උන්වහන්සේගේ සංචාරයට නිල ආරාධනයත් පිළිගන්වපු ජනාධිපතිවරයා පස්වරුවේ ඉතාලියේ ඉන්න ශ‍්‍රී ලාංකිකයනුත් හමුවුණා.

තිස්ස අත්තනායක එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්තුමා පසුගිය සතියේ ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිහින්. කෝවිලට ගියත් ඉන්දියාවට ගියාම ඇඳුම් ගන්න එක අපේ කට්ටියගේ සිරිතක්නේ. සුපුරුදු පරිදි මහ ලේකම්වරයාත් නැවතිලා හිටපු හෝටලේ ඉඳන් චෙන්නායිවල වෙළඳ සංකීර්ණයකට සාප්පු සවාරියක් ගියා. වැඩි වෙලාවක් ගියේ නැහැ. බඩුත් එක්කම තිස්ස අත්තනායක මන්ත‍්‍රීතුමා වටකරගත්තේ ඉන්දියාවේ රහස් පොලීසියේ නිලධාරීන්. ‘‘මේ මොකද?’’ මන්ත‍්‍රීවරයා ඇහුවා. ‘‘නෑ සර්, ජයලලිතා මහ ඇමතිවරිය හිරේට දාලා, මිනිස්සු කළබල වෙන්න පුළුවන් ඒකයි අපි ඔබතුමාගේ ආරක්ෂාවට ආවේ.’’ එහෙම කියලා දඩිබිඩි ගාලා තිස්ස අත්තනායක මන්ත‍්‍රීතුමාව වාහනයේ දාගත්ත ඉන්දීය ආරක්ෂක අංශ හෝටලයටම ගෙනත් බැස්සුවා. එළියට බහින්න දුන්නෙත් නැහැ. ලංකාවට එනකම්ම මන්ත‍්‍රීවරයා බලාගෙන තියෙන්නේ ඉන්දියාවේ කට්ටිය. ෂොපින් ගිහිල්ලා ගත්ත බඩුත් එයාලම ගෙනත් දුන්නා කියලයි ආරංචි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී පාද අඩවියෙන්  පා සලකුණක් මතුවෙයි
Tuesday, 23 January 2018 - 15:49
ශ්‍රී පාද අඩවිය ආසන්නයේ රක්ෂිතයක් තුල තිබු ගලක් මතින්  විශාල පා සලකුණක් මතුවූ පුවතක් පසුගියදා... Read More
News Image
Hiru News Programme Segments
197 Views
10,787 Views
80 Views
120 Views
340 Views
12,405 Views
Top