Hirunews Logo
%E0%B7%80%E0%B6%B8+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Monday, 20 October 2014 - 9:56
වම හා කියයි.
24

Shares
2,981

Views
ජනාධිපතිවරණය ගැන දැන් තියෙන්නෙ උණුසුම් වාද විවාද. සියලූ දේශපාලන පක්ෂ දැන් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරනවා.

කොහොම වුනත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සියලූ කටයුතු මැද්දෙ තවත් ව්‍යාපෘති කිහිපයක් පසුගිය දවස්වල ජනතා අයිතියට පැවරුවා. වැදගත්ම කටයුත්ත යාල්දේවි දුම්රියේ යාපනය ගමන. මේ පළමු ගමනට ජනාධිපතිවරයා එක්ක මැති ඇමතිවරුන් රැසක් එක්වුණා. පලෙයි ඉදන් යාපනයට ගිය දුම්රියට මග දෙපස රැස්වුණ උතුරේ ජනතාව සුබ පැතුවා. මේ ගමනට සමගාමීව තිබ්බ සංවර්ධන කමිටු රැස්වීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. මේ කිසිම උත්සවයකට උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් හෝ දෙමළ ජාතික සන්ධානේ කිසිම කෙනෙක් ඇවිත් හිටියේ නැහැ.

මේ අතරතුරේ අතුරලියේ රතන හිමියන් පසුගිය දා සිය 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළිදක්වනු ලැබුවා. එහි ඇතුලත් යෝජනා අතරට ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනකදී පැවැත්වීම වගේම විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල අඩු කිරීමට අදාළ කරුණු කිහිපයක් ඇතුළත්. උත්සවයට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ වගේම බැසිල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරු රැසක් එක්වුණා. ඉරිදා තිබ්බ ජාතික හෙළ උරුමයේ සමුළුවේදී මේ ගැන කථා වුණා.

කොහොම වුණත් වමේ පක්ෂ මුලින් හිටියේ ලබන වසර මුල ජනාධිපතිවරණයක් එපා කියන ස්ථාවරය තුලයි. ඒත් බදාදා තිබ්බ පක්ෂ නායක රැස්වීමේදි ජනාධිපතිවරයා කෙලින්ම කිව්වෙ මේක තමයි ඒකට වෙලාව කියලා. පක්ෂ නායකයෝ කවුරුත් ඒ ගැන මුකුත් කිව්වේ නෑ. ‘‘ඔබ තුමාට අපි කිව්වා ජනාධිපතිවරණයකට යන්න එපා කියලා. ඒක අපේ අදහස. කොහොම වුනත් වැඩි දෙනාගේ අදහසට අපි එකඟයි. අපි සන්ධානෙට සහාය දෙනවා.’’ එහෙම කිව්වෙ ඇමති ඩිව් ගුණසේකර. ජාතික නිදහස් පෙරමුණ වගේම ලංකා කම්කරු කොංග‍්‍රසයක් මේ කථාවම පසුගිය සතියේ කිව්වෙ ජනාධිපතිවරයා හමුවෙලා.

එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිවරයා මෙහෙයුම් කටයුතු දැන්ම ඉදන් පටන් අරන්. 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒකට පත් කළේ සම්මේලනය දවසේ. විපක්ෂයේ බලවත්ම අපේක්ෂකයා රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා නිසා පොදු අපේක්ෂකයා එයා වෙන්න  ඕන කියලා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක්ම පසුගිය දවස්වල කිව්වා. හැබැයි ජනාධිපති අපේක්ෂකයා ගැන තවම ජනතා විමුක්ති පෙරමුණ නම් නිහඬයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,325 Views
12,963 Views
5,037 Views
2,894 Views
58 Views
9,473 Views
Top