ජනපති සහ රනිල් හල්දුම්මුල්ලේ.

Sunday, 02 November 2014 - 20:13

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A.
දේශපාලන සමාජය වගේම ලෝකෙම කම්පා කළ පුවතක් බවට පත්වුණු හල්දුම්මුල්ල - මීරියබැද්ද ඛේදවාචකය ගැන පළ වන තොරතුරු තවමත් නිමක් නැහැ.

මෙම ආපදාව වාර්තා වුණු වහාම ජනතාවට අවශ්‍ය සියලූ සහන දෙන්න කියල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සිද්ධිය වෙච්ච තැනටම ගියේ ඒ අනුව. කොහොම වුණත් බොහෝ දෙනෙක් අනතුරු අගවද්දි අයහපත් කාලගුණය ගැන නොසිතා ජනාධිපතිවරයාත් හල්දුම්මුල්ලට ගියා. ගුවනින් හල්දුම්මුල්ලට ගිය ජනාධිපතිවරයා අයහපත් කාලගුණය නිසා යළි වැල්ලවායට ගොස් මෝටර් රථයෙන් හල්දුම්මුල්ලට ආවා.

‘‘බය වෙන්න එපා අපි ඔයාලව බලා ගන්නවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අතරට ගිහින් කිව්වා.’’

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් මීරියබැද්දට ගිහින් ජනතාවගේ සුවදුක් සොයන්න අමතක කළේ නැහැ. පෙර දැනුවත් කිරීම් නිසි පරිදි සිදුවුණා නම් මේ විපත වළක්වා ගන්න තිබුණා කියලා විපක්ෂ නායකවරයා එහිදී ප‍්‍රකාශ කළා.

ආණ්ඩුව සහ ජාතික හෙළ උරුමය අතර පැවැත්වෙන සාකච්ඡා නිකන් බාලගිරි දෝෂය වගේ වෙලා. දිනෙන් දින කල් යනවා. ස්ථීර විසදුමක් නැති නිසා හෙළ උරුමය අයවැය දෙවන වර ඡන්ද විමසීමට ආවෙත් නැහැ. කොහොම හරි ඒක වැඩි ඡන්ද 100කින් සම්මත වුණා.