Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%3F
Sunday, 09 November 2014 - 20:32
පොදු අපේක්ෂකයා යළිත් ?
39

Shares
4,747

Views
මේ දිනවල බලවත්ම මාතෘකාව ජනාධිපතිවරණය. තුන්වරක් ඉදිරිපත් කිරීම ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසූ අතර එහි තීන්දුව හෙට ලබාදීමට නියමිතයි.

කොහොම වුණත්, සුපුරුදු පරිදි ඞී.ඒ.රාජපක්ෂ මහතාගේ ගුණසමරුව ඇතුළු උත්සව රැසකට ජනාධිපතිවරයා මේ සතියේදීත් එක්වුණා. හම්බන්තොට ගියපු ජනාධිපතිවරයා ඊයේ කොළඹ උත්සව කිහිපයකටත් එක්වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා නියෝජිතවරියන්ගේ හමුවත් ඊට අයත්. ඒකෙදි ජනාධිපතිවරයා කිව්වේ ඡන්ද 28 ක් දිනපු මට 29 කජ්ජක්ද කියලා.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් පසුගිය දින කිහිපය පුරා පක්ෂය සංවිධානය කළ උත්සව ගණනාවකට එක්වුණා. ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්න නම් ද්වීපක්ෂ ක‍්‍රමයක් අවශ්‍යයි. ආණ්ඩුව පරාජය කරන්න සියලූදෙනා එක්වෙලා කටයුතු කරනවානම් මම ඒකට ලෑස්තියි. මේක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන දෙයක් නෙවේ.’’ ඒ උත්සවයකදී ඔහු කිව්වා. ඒ වගේම ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තුන්වන වාරය ගැන කළ විමසීම පොදු කරුණක් නොවන බවයි ඔහු අවධාරණය කළේ.

කොහොම වුණත්, සතියේ වැඩි අවධානයක් යොමුවුණු කරුණක් වුණේ කෝට්ටේ නාග විහාරයේ පැවති සාකච්ඡාව. සිකුරාදා තිබ්බ මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග, ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, එහි ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ ද එක්ව සිිටියා. එමෙන්ම පිවිතුරු හෙටක් සංවිධානය ඇතුළු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද ඊයේ පැවැති මෙම සාකච්ඡාවට එක්ව සිටීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ඊයේ පැවැති සාකච්ඡාවට එක්ව සිටියේ නැහැ.

සාකච්ඡාවෙන් පස්සේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු නම් කිරීම සිදුකරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප‍්‍රකාශ කළා. උන්වහන්සේ කිව්වේ ඉදිරි දින කිහිපය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බවයි.  ඉරිදා රතන හිමියන් සහ සෝභිත හිමියන් මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වේ ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව එකඟ නොවුණොත් නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් කිහිපදෙනෙක් ආණ්ඩුවෙන් ගැළවෙනු ඇති බවයි. කොහොමවුණත් 12 වැනිදා කොළඹ මුත්තයියා පිටියේදී මෙම සංවිධානයේ සමුළුවකුත් පැවැත්වෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,415 Views
15,403 Views
635 Views
1,463 Views
367 Views
16,868 Views
Top