Hirunews Logo
%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92.
Sunday, 23 October 2011 - 16:58
රෝසිට එරෙහිව දයාසිරි.
3

Shares
429

Views

පසුගිය අඟහරුවාදා (18) පාර්ලිමේන්තුවේදී වාචික ප‍්‍රශ්න විමසන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ප‍්‍රශ්නයක් විමසනු ලැබුවා. ඊට පිළිතුරු දුන්නේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයායි. එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු දයාසිරි මන්තී‍්‍රවරයාට මෙසේ ප‍්‍රකාශ කරනු ගැලරියේ සිටි මාධ්‍යවේදීන්ට ඇසුණා.

 

අහන්නකෝ රෝසිගෙන්.

 

ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු එසේ ප‍්‍රකාශ කරනවාත් සමගම, දයාසිරි මන්තී‍්‍රවරයාට පිටුපස ආසනයක සිටි රෝසි සේනානයක මන්තී‍්‍රවරිය යමක් ප‍්‍රකාශ කළා. එය කුමක්දැයි පසුව මාධ්‍යවේදීන්ට පැවසුවේ, ඒ අසලම සිටි එක්සත් ජාතික පක්ෂයේම මන්තී‍්‍රවරයෙක්. රෝසි මන්තී‍්‍රවරිය සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.

 

දැන් ඉතිං රට යන්න අපේ උදව්  ඕනේ නෑනේ. එක්ක යන්න අය ඉන්නවානේ.

 

මෙය කණ වැකුණු දයාසිරි මන්තී‍්‍රවරයා දැඩි ලෙස කෝප වූ බව මාධ්‍යවේදීන් දුටු අතර, ඔහු තම අත තිබු පොතක් රෝසි සේනානායක මන්තී‍්‍රවරිය දෙසට විසි කළේ වේගවත් වචන කිහිපයක්ද ප‍්‍රකාශ කරමින්. පසුව ඇතිවන්නට ගිය උණුසුම්කාරී තත්ත්වය මඟ හැරුණේ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් ආරවුල බේරිමට මැදිහත්වීමත් සමගයි. කෙසේ වෙතත්, දයාසිරි මන්තී‍්‍රවරයාගේ රට සවාරිය පිළිබඳවත්, ඒ පිළිබඳ රෝසි මන්තී‍්‍රවරියගේ ප‍්‍රතිචාරය පිළිබඳවත්, දේශපාලන කරළියේ මේ වනවිට කතා බහට ලක්වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top