%E0%B6%B1%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
Sunday, 14 December 2014 - 21:55
නොනවතින පිල් මාරු
127

Shares
15,347

Views
දිනෙන් දින උණුසුම් වන ජනාධිපතිවරණයට තව ඇත්තේ සති 4කටත් අඩු කාලයක්. ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම තමන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු දැඩි කරලා තියෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දවස් ටිකේ ප‍්‍රදේශ රැුසක සංචාරය කළා. ඒ, දෛනික රාජකාරීවලට අමතරවයි. හැමතැනකදිම ජනතාව හමුවුණු ජනාධිපතිවරයාට ලැබුණේ උණුසුම් පිළි ගැනීමක්.

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනත් ප‍්‍රදේශ රැසක තම රැළි සංවිධාන කරලා තිබුණා.

මෙවර ජනාධිපතිවරණයේ පිල් මාරු පටන් ගත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම්, පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගෙන්. පස්සේ එක්සත් ජාතික පක්ෂෙ හිටපු මහලේකම් තිස්ස අත්තනායකත් මාරු වුණා. මැති ඇමතිවරු මාරු වන අතරේ බොහෝ දෙනෙක් කතා කරපු දෙයක් තමයි ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් උදය ගම්මන්පිළගෙ මාරුව. මේ අතරතුරේ පළාත් පාලන නියෝජිතයනුත් පැති මාරු කළා. ඒකෙ අලූත්ම තත්ත්වෙ වාර්තා වුණේ ඊයේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පදවි ශ‍්‍රී පුර ප‍්‍රාදේශීය සභාවේ උපසභාපති මානෙල් කරුණාරත්න සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එච්.පී. ධර්මකීර්ති ඊයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දැක්වීම සඳහා එක්වුණා. එසේම හිටපු බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ප‍්‍රධාන සංවිධායක නීතිඥ කීර්ති උඩවත්ත ද පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට තීරණය කළා. මේ අතරේ ඇඹිලිපිටිය එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ජයවීර මාතරආරච්චි ඇතුළු එම පක්ෂයේ කි‍්‍රයාකාරීන් රැසක් ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව ද ඊයේ වාර්තා වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
75,481 Views
25,537 Views
35,645 Views
14 Views
120,441 Views
Top