Hirunews Logo
%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80.
Friday, 23 January 2015 - 10:57
ඉතිහාසයේ අපූරු පාර්ලිමේන්තුව.
65

Shares
7,886

Views
ජනාධිපතිවරණයේ අවසානයත් සමඟ මෙරට දේශපාලන සමාජය තුළ තව තවත් පෙරළි සිදුවුණා. එහි වැදගත්ම අවස්ථාවක් වුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් වත්මන් ජනාධිපතිවරයාට හිමිවීමයි.

 මේ කටයුත්ත සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන්, පසුගිය සිකුරාදා රැුස්වුණේ කොළඹ පදනම් ආයතනයේදීයි. කථානායක චමල් රාජපක්ෂ සමඟයි ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගිවීමට පැමිණියේ.

එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද ඒකමතිකව තේරී පත්වුණා. අනතරුව පැවති විධායක සභා රැස්වීමේදී ද සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේනගේ පත්වීම ඒකමතිකව සම්මත වීම විශේෂත්වයක්.

මෙම රැස්වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ධුරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත භාර දෙන බවයි. පාක්ෂිකයන්ගේ ආරක්ෂාව සහ පක්ෂ තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ වගකීම පිළිබද අවධානය යොමු කරන ලෙස ද ඔහු එමගින් ඉල්ලා තිබුණා.

 නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ දින 100යේ ආණ්ඩුව ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ අපූරු ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙනවා. එහි මීළඟ අපූරු පියවර සටහන් වන්නේ ලබන 20 වන දා ආරම්භ වන පාර්ලිමේන්තු සැසි වාරයේදියි.

කොළඹ පදනම් ආයතනයේදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම විපක්ෂ නායකවරයා ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, තෝරා ගත් අතර, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා වූයේ හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්නයි. විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා තෝරා ගත් මෙම අවස්ථාවට  ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා. ඒ, පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දුන් දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න, එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන, නන්දිමිත‍්‍ර ඒකනායක යන අමාත්‍යවරුන්.

ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වී විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා පදනම් ආයතනයේදී තෝරා ගනිද්දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සහ මන්ත‍්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැුස්වුණා. එහිදී ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලක තේරී පත්වද්දී සභානායක ධුරයට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල තෝරා පත් කර ගැනුණා.

ඒ අනුව මෙහි ඇති අපූර්වත්වය වන්නේ විපක්ෂ නායකවරයා පත් කිරීමට දායක වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එළඹෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටීමයි. එම අමාත්‍යවරුන්ගේ ද කැමැත්තෙන් තෝරා ගත් විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා විපක්ෂය මෙහෙයවීම එහි ඇති සුවිශේෂී කරුණයි. තමන් පත් කිරීමට දායක වූ ඇමතිවරුන්ගෙන් සමන්විත ආණ්ඩුවේ කටයුතු ගැන අදාළ දින 100 තුළ විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා විවිධ විවේචන ඉදිරිපත් කිරීම ද සිදුවිය හැකියි.

පෙර පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට පක්ෂ රැුසක් කොන්දේසි විරහිතව සහාය ලබාදීමට එකඟ වීමත් සමඟයි මෙවැනි අපූරු දේශපාලන වටපිටාවක් නිර්මාණය වුණේ. ඒ අනුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේනට සහාය දුන් අතර ඔවුන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරද්දී ජනාධිපතිවරයා ඇතුළු එම ආණ්ඩුවේම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද කැමැත්ත පළ කළ විපක්ෂ නායකවරයෙකු සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයෙකු සභා ගර්භය තුළ රැදී සිටිනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top