විශ්වාසභංගයෙන් පාර්ලිමේන්තුවේ කාලය කෙටි වෙයි ද?

Monday, 09 February 2015 - 16:15

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද නිට්ටඹුවේ පැවැති ජන හමුවකට එක්වුණා. සියනෑකෝරළේ ජනතාවට උපහාර පුද කිරීම වෙනුවෙන් සංවිධාන කර තිබූ මෙම රැස්වීම නම් කරලා තිබ්බේ ජනතා අභිනන්දන උත්තමාචාර උළෙල කියලා. මේ වැඬේ සංවිධානය කළේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග.

සතියේ වැඩි කතාබහක් ඇති කරමින් මහජන සාමය, ආපදා කළමනාකරණ සහ කි‍්‍රස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව සෙනසුරාදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන්නා. මන්ත‍්‍රීවරුන් 114 දෙනෙක් ඒකට අත්සන් කරලා තිබ්බා.  පසුගිය 30 වැනිදා වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු නිදහස් සන්ධාන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් 04 දෙනෙකුට පහරදීමේ සිද්ධිය මූලික කරගෙනයි අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබන්නේ. පශ්චාත් මැතිවරණ සමය තුළ සිදුවූ ප‍්‍රචන්ඩ කි‍්‍රයා වැළැක්වීමට අපොහොසත්වීම සහ පක්ෂග‍්‍රාහීව කි‍්‍රයා කිරීම ආදිය කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකළ බවයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමෙන් පස්සේ කිව්වේ.

දින 100 ඇතුළේ සිදුවුණු මෙම සිදුවීම ගැන දැන් විවිධ වාර්තා පළවෙනවා. මෙය වැඩි ඡුන්දයෙන් සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසුරුවන්න අගමැතිවරයා තීරණය කරාවි කියලත් වාර්තා පළ වුණා. ආණ්ඩුවට බහුතරය නොමැතිවීම පිළිබිඹුවීම ඊට හේතුවයි. මීට කලින් නම් ප‍්‍රකාශ කරලා තිබ්බේ අපේ‍්‍රල් 23 වැනිදායින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා.  

මේ අතරතුරේ රජය ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 163 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අතුරු අයවැයට පක්ෂව ඡන්ද 164 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.  මෙහිදී අතුරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ගීතාංජන ගුණවර්ධන, වයි.ජී. පද්මසිරි, චන්ද්‍රසිරි ගජධීර හා වීරකුමාර දිසානායකද අද අතුරු අයවැයට ඡන්දය ප‍්‍රකාශ කළේ නැහැ.  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අතුරු අයවැය ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභා ගර්භයේ සිටියේ නැහැ.