Hirunews Logo
19+%3F
Monday, 27 April 2015 - 9:54
19 ?
20

Shares
2,406

Views
19 වන ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා. කොහොම වුණත් මේක ගැන තවමත් අවසන් තීරණයක් නැහැ. ඒකට හේතුව දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව 19ට පක්ෂව ඡන්දෙ දෙන්න පසුගිය දා තීරණය කළා. හැබැයි ඒකට සංශෝධන ගේනවා කියලයි හිටපු ඇමති ජී.එල්. පීරිස් පසුව ප්‍රකාශ කළේ. 19 ගැන විවිධ අදහස් දක්වන වමේ පක්ෂ අතරත් ඒ ගැන අවසන් එකඟතාවක් නැහැ. මේ අතරෙ දෙමළ සන්ධානයත් ඒ ගැන අමුතු කතාවක් කිව්වා.

දෙමළ ජාතික සන්ධානය 19ට සහය දැක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සළකා බලන ලෙස වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු එහි නායක ආර්. සම්බන්ධන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා. දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, ශිවශක්ති ආනන්දන් සහ විනෝ නෝහ රාධලිංගම් යන මන්ත‍්‍රීවරුන් තිදෙනායි මෙම ඉල්ලීම සිදුකළේ රජය, දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට මෙතෙක් සවන්දීමක් කර නොමැති බැවින් 19 වන සංශෝධනයට දෙමළ ජාතික සන්ධානය සහය දීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් දැඩිව ප්‍රකාශ කර තිබෙනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත සම්මත කරගැනීම තවදුරටත් අවිනිශ්චිත බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රාත්‍රියෙත් රැස්වෙලා මේ ගැන සාකච්ඡා කළා. 19 සම්මත කර ගන්න හෙට කොළඹ දී උපවාස සහ පා ගමන් පැවැත්වෙන බවටත් ආරංචියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top