19+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+20
Monday, 11 May 2015 - 10:55
19 න් පසු 20
69

Shares
8,326

Views
දේශපාලන සමාජය මේ දිනවල ගොඩක් කාර්ය බහුලයි. විවිධ මාතෘකා ඔස්සේ මතුවන සංවාද ඊට හේතුවී තිබෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පස්සේ දැන් කතාව 20 වන සංශෝධනය ගැන. ඒක සම්මත කර ගත්තත් පරණ ක්‍රමයටම මෙවර මහ මැතිවරණය තියෙනවා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබ්බා. ඒක හෙළි කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක. කොහොමත් සුළු පක්ෂය ගේන්න යන මැතිවරණ ක්‍රමය ගැන විවිධ කතා කියමින් කල් යවන තත්ත්වයක් දක්නට ලැබුණා. පසුගියදා ඔවුන් සාකච්ඡා කරලා එකගතා 3 ක් ඇතිකරගෙන තිබුණෙත් ඒ හින්දා. කොහොමහරි අද පස්වරුවේ මේ ගැන සාකච්ඡාවක් තියෙනවා කියලයි ආරංචි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එය කැඳවා තිබෙනවා. කොහොම වුණත් නව මැතිවරණ සංශෝධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව ගැනත් තාම ස්ථීරතාවක් නැහැ. එය 255 දක්වා ඉහළ යන බව සන්ධානයේ මහලේකම්වරයා පසුගිය දා ප්‍රකාශ කළත්, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහන් වුණේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 238ක් ලෙසයි. මහමැතිවරණය ගැනත් විවිධ වාර්තා පළ වන්නේ මේ අවුල මෙහෙම තියෙද්දි. 20 හදිසියේ ගෙනල්ලා සම්මත කර ගැනීම පිළිබදව නිදහස් පක්ෂයේ මහින්ද හිතවාදී කණ්ඩායම දැඩි විරෝධයක් පළ කරනවා.

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාව ගැනත් ගෙවී ගිය සතියේ වැඩි අවධානයක් යොමුවුණා. පැහැදිලි එකඟතාවයක් නැතිව වැඬේ ඉවර වුණා කියලා හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය කිව්වත් සාකච්ඡාව සියයට සියයක් සාර්ථකයි කියලා තමයි ආණ්ඩුවේ පාර්ශවයෙන් නම් කිව්වෙ. මේකෙන් පස්සේ නිවේදනයක් නිකුත් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා පක්ෂයේ උන්නතිය උදෙසා මෙම සාකච්ඡාව සිදුකළ බව සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයාගේ පැත්තෙන් නම් ප්‍රධාන ඉල්ලීම් 5 ක් යොමුකරලා තිබ්බා. මේ අතරෙ මහින්ද අගමැති කරන කුරුණෑගල රැළියත් සිකුරාදා පැවැත්වුණා. ටී.බී. ඒකනායක හිටපු ඇමතිවරයා නම් කිව්වෙ මන්ත්‍රීවරු 55 ක් කුරුණෑගලට ආවා කියලා. 30 කට වැඩි පිරිසක් එහි සිටි බව තහවුරුයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සංචාරයෙන් පස්සේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කාර්යබහුල වුණේ වෙසක් සැමරුම් නිසා. වෙසක් කලාප විවෘත කිරීම් මෙන්ම සාකච්ඡුා කිහිපයකටම අගමැතිවරයා එක්ව සිටියා. සති අන්තය ආසන්නයේ සිරිකොතේ පැවති සාකච්ඡුාවකදී අගමැතිවරයා රණවිරුවන් ගැන කතා කළා. තණකොළ කැපීම වැනි රාජකාරි නොව කඳවුරේ රාජකාරිවලට රණවිරුවන් යොමුකරනවා කියලයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මේකෙදී කිව්වෙ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,303 Views
56,704 Views
21,729 Views
28,813 Views
1,359 Views
106,439 Views
Top