%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Monday, 14 September 2015 - 12:18
සැඟව තිබූ වාර්තාවක් පාර්ලිමේන්තුවට
37

Shares
4,483

Views
ගතවූ කාලසීමාව දේශපාලන වශයෙන් මුළු ශ්‍රී ලංකාවම කාර්ය බහුල වුණු යුගයක්. නව ආණ්ඩුව පත් වෙලා ඇමතිවරුන් දිවුරුම්දීලත් දැන් ඉවරයි. මේ දවස්වල ඇමතිවරු වැඩ භාර ගන්නවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩභාර ගන්න තැනටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වුණා.

මේ අතරේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවුණේ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වුණු සැසිය පිළිබඳව. ඒකට ආපු නැති මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රතිපාදන දෙන්නේ කථානායකවරයාගේ අනුමැතිය මත පමණක් බවයි අගමැතිවරයා ඒකෙදි කිව්වෙ. කොහොම වුණත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හෙට ඉන්දීය නිල සංචාරය ආරම්භ කරනවා. සම්ප‍්‍රදායක් විදිහට අගමැතිවරයා නව තනතුරකට පත්වුණාම මුලින්ම යන්නේ ඉන්දියාවට

මේ අතරතුරේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් යුද්ධය පැවැති කාලසීමාවේ ඝාතන සිදුවීම් 16 ක් පිළිබඳ සොයා බැලීමට 2006 දී පත්කළ කොමිසමේ සහ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට 2013 දී පත්කළ කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වනවා. පළමු විශේෂ ජනාධිපති කොමිසම උදලාගම කොමිසම යන නමින්ද, දෙවැන්න මැක්ස්වෙල් පරණගම කොමිසම නමින්ද ප‍්‍රසිද්ධියට පත්වුණා.

උදලාගම කොමිසමේ වාර්තාව 2009 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාර දී ඇතත්, එය මෙතෙක් ප‍්‍රසිද්ධියට පත්කර නැහැ. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් වාර්තාව සකස් කර අවසන් අතර, එය වත්මන් ජනාධිපතිවරයාට භාරදීම සඳහා දිනයක් ඉල්ලා තිබෙන බව වාර්තා වනවා.  

විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම සභාපතීත්වය දැරූ පළමු කොමිසමට භාර වූයේ ඝාතන සිද්ධීන් 16 ක් පිළිබඳව පරීක්ෂා කිරීමයි. හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, මුතූර් හිදී සිදුවු සහන සේවකයන් 17 දෙනාගේ ඝාතනය, ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝශප් පරරාජසිංහම් ඝාතනය, කැබිතිගොල්ලෑවේ සාමාන්‍ය වැසියන් 68 දෙනාගේ ඝාතනය, දිගම්පතන ආරක්ෂක අංශ සාමාජිකයන් 98 දෙනාගේ ඝාතනය ආදි සිදුවීම් ඊට අයත්.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්තී‍්‍රවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට අග‍්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවය මත පත් කරන නියෝජිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස නම් කර ඇති බවත් වාර්තා වුණා. කෙසේ වෙතත් මෙම සභාවට අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස දැනටමත් අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ නම් කර අවසන්. ජනාධිපතිවරයා අදාල නම් කිරීම් වෙනුවෙන් සිය අනුමැතිය ලබා දිය යුතුයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
75,481 Views
25,537 Views
35,645 Views
14 Views
120,441 Views
Top