Hirunews Logo
%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80
Friday, 25 September 2015 - 17:05
හයිබ්‍රිඩ් ආණ්ඩුව
40

Shares
4,835

Views
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජාතික ආණ්ඩුවට සහය නොදුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

‘‘විපක්ෂයේ හිටියට කමක් නැහැ. පෞද්ගලික මැඩගැසීම් කරන්න එපා. විපක්ෂනායකකම ඉල්ලන්නත් එපා.’’ ජනාධිපතිවරයා කට්ටියට කිව්වා. මන්ත්‍රීවරුන් ද තමන්ට ආපු ප්‍රශ්න රැසක් ගැන ජනාධිපතිවරයාගෙන් කරුණු විමසූ බව තමයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. මේ අතරතුර ගාල්ලේ පැවති උත්සවයකදී මරණ දඬුවම ගැන ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයකටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. පාර්ලිමේන්තුවේ මතය විමසා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ජනාධිපතිවරයා මෙහිදී කිව්වෙ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ඉන්දීය සංචාරයත් පසුගිය සතියේ අවසන් වුණා. දින 3 ක් ඉන්දියාවේ රැදී සිටිය අග‍්‍රාමාත්‍යවරයා අගමැති මෝදි සමඟ මෙන්ම එරට නායකයන් රැසක් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වනු ලැබුවා. දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් කෙරුණු මේ සංචාරයේදී සීපා ගිවිසුමත් අත්සන් කරන බවට විවිධ මත පැතිර ගියත් ඒ ගැන කිසිදු කතාවක් සිදුවුණේ නැහැ. අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට එනතුරු සීපා ගැන කතා කරන්න එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙකු අකමැති වුණෙත් ඒ පිලිබඳ විවිධ ගැටලූ සමාජය තුළ තිබ්බ හින්දා. කොහොම වුණත් ජාතික නිදහස් පෙරමුණේ සීපා විරෝධී සටන තවමත් පැවැත්වෙනවා.

හයිබි‍්‍රඞ් ගැන කතාව මේ සතියේ කරලියට එන්නේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ලංකාව ගැන වාර්තාව ගැන එලියට දාලා කරපු කතාවත් එක්ක. ඔහු යුද අපරාද ගැන සොයන්න ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ පද්ධතියක් යෝජනා කරනවා. මේ දෙමුහුන් ක‍්‍රමයට හයිබි‍්‍රඞ් ක‍්‍රමය කියන්න දැන් හැමෝම පුරුදුවෙලා. ඒ පිළිබඳ සංවාද රට පුරා ගොඩනැගෙමින් පවතිනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ දවස්වල කියන්නේ රටේ ආණ්ඩුවත් හයිබි‍්‍රඞ් වෙලා තියෙන කොට ජාත්‍යන්තරය ගැන කවර කතා ද කියලා.

මේ අතරතුර අත්තනගල්ල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයේ දැන් වැඩබලන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කියලත් ආරංචියි. ආසනයට පත් කරපු අර්ජුන රණතුංග අමාත්‍යවරයා දැන් නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. නිදහස් පක්ෂයේ විවිධ මතවාද කරලියට එද්දී ඒවා ටිකක් සිසිල් කරන කතාවක් මහලේකම් දුමින්ද දිසානායක කිව්වා. මහින්දට වැඩ කළත් මෛත‍්‍රීට වැඩ කළත් දැනට ඉන්න සියලූ පළාත් පාලන නියෝජිතයන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය දෙනවා කියල තමයි ඔහු ප‍්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top