Hirunews Logo
%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Monday, 19 October 2015 - 15:48
ඇවන්ගාඩ් නැව කැබිනට් රැස්වීමත් උණුසුම් කරයි
71

Shares
8,581

Views
තොරතුරු සඟවා අවි රැගෙන ගාලූ වරායට පැමිණි  ඇවන්ගාඩ් නෞකාව පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ දැන් ආරම්භ වී ඇති අතර එහි කන්ටේනර් 3කට අද මුද්‍රා තබනු ලැබුවා.  කෙසේ වෙතත්, පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීම ද මෙම සිද්ධිය නිසා උණුසුම් වී ඇති බවයි වාර්තා වන්නේ. චම්පික රණවක අමාත්‍යවරයා මීට අදාළව කරුණු විමසා ඇති අතර, අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

මේ අතර, ඇවන්ට්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනය පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා. එමගින් ප‍්‍රකාශ කළේ ඇවන්ට්ගාඞ් සමාගම ජාත්‍යන්තර නීතියට, එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට සහ රටේ පවත්නා නීතියට සම්පූර්ණයෙන් අනුකූලව කටයුතු කර ඇති බවයි. නෞකාවේ පැවැති ආයුධ රක්නාලංකා ආරක්ෂක ආයතනය වෙත භාරදීමට ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාගෙන ඇති බව ද එමගින් වැඩිදුරටත් සදහන් කළා. නෞකාවේ කපිතාන්වරයා පිළිබඳ තොරතුරු වරදවා ලබාදී ඇත්තේ නෞකා නියෝජිත ආයතනය මගින් මිස තම ආයතනය විසින් නොවන බවයි ඇවන්ට්ගාඞ් සමාගම ප‍්‍රකාශ කළේ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බරපතල වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ දෙවරක් පෙනී සිටියා. පළමු දිනයේ කොමිසමේ නිත්‍යානුකූල භාවය ගැන ඔහුගේ නීතිඥයින් ප‍්‍රශ්න මතු කළ අතර පසුව එම විරෝධතා ප‍්‍රතික්ෂේප වුණා. බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසමට මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමට වත්මන් ජනාධිපතිවරයාට ඇති බලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට යාමට ඇති අයිතිය සම්බන්ධයෙන් නීතිඥවරුන් සලකා බලමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනතුරුව ප‍්‍රකාශ කළා.

සාක්ෂි ලබාදීම සඳහා පසුගිය සතියේ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙන්ම හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද කැදවා තිබුණා.

සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයා සාක්ෂි දී පැමිණීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද සංවාදයක නිරතව ඇති අතර, අනතුරුව ඔවුන් දෙදෙනා එහි පැවැත්වූ තේ පැන් සංග‍්‍රහයකට ද එක්වූ බව සදහන්.







 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
205 Views
1,328 Views
6,785 Views
6,589 Views
118 Views
45,536 Views
Top