%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Sunday, 23 October 2011 - 17:00
නාමල්ට ඇමති චරිතයක්.
3

Shares
433

Views

මුල්ලේරියාවේ සිද්ධියෙන් පසු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් නිල ඇඳුමින් සිටිය යුතු බවට පොලිස් මූලස්ථානයෙන් ලැබුණු නියෝගය නිසා ඒ ගැන මැති ඇමතිවරුන් අතර විවිධ කතා බහ ඇති වුණා. පාර්ලිමේන්තු ලොබියේදී මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, ජගත් පුෂ්පකුමාර, පි‍්‍රයංකර ජයරත්න, හේමාල් ගුණසේකර සහ මාලනී ෆොන්සේකා යන මැති ඇමතිවරුන් මේ පිළිබඳ කතා බහ කරමින් සිටියා.

 

‘‘මට දීපු පොලිස් නිලධාරීන් දෙන්නා මෙච්චර කල් සිටියේ සිවිල් පිට. ඒත් මේ නියෝගය ලැබුණට පස්සේ එකපාරටම ඒගොල්ලෝ රාජකාරියට ආවේ යුනිෆෝම් ඇදලා. වෙනස නොතේරුණු අපේ ගෙදර බල්ලෝ දෙන්නා හයියෙන් බුරාගෙන ඇවිත් පොලිසියේ දෙන්නාගේ ඇගට පැනලා හපන්න හැදුවා.’’

 

මාලනී ෆොන්සේකා මන්ත‍්‍රීවරිය මෙසේ කියද්දි අසා සිටි හැමදෙනාම කොක් හඩලා සිනාසුණේ සිදුවී තිබෙන හාස්‍ය ජනක සිද්ධිය සිතින් මවා ගනිමින්.

 

‘‘ඒ කියන්නේ පොලීසියට බල්ලොත් බයයි.’’

 

ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ එසේ කියද්දි මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා මෙසේ සදහන් කළා.

 

‘‘කතාව නම් ඇත්ත. යුනිෆෝම් ඇද ගත්ත පොලීසියත් එක්ක ගිහින් තේ බොන්නවත් බෑ. මිනිස්සු අමුතු විදියට බලනවා.’’

 

මේ කතාබහ අතරේ ඔවුන් එකගතාවක් ඇති කර ගත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමටයි.

 

මේ අතර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කුමාරසිරි හෙට්ටිගේ සමග කතා බහක යෙදී සිටියදී නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගෙන් හෙට්ටිගේට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ මන්ත‍්‍රීවරයා භූතාන රජ පවුලේ මංගල්‍යයට සහභාගි වී පැමිණීමෙන් අනතුරුවයි.

 

‘‘ආ කොහොමද අයියා තොරතුරු.’’

 

නාමල් මන්ත‍්‍රීවරයා කතා කරන බව හෙට්ටිගේ බැසිල් අමාත්‍යවරයාට දැනුම් දීමෙන් පසු අමාත්‍යවරයා එම දුරකතනයෙන්ම මන්ත‍්‍රීවරයා සමග කතා බහ කළා.

 

පසුගිය  බදාදා (19) වැනිදා වනවාසී රාහුල හිමියන් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ නාමල් අරණ ටෙලිනාට්‍ය සඳහා ඇමති චරිතයකට හොඳ කෙනෙකු සොයා ගැනීමේ අරමුණින්.

 

‘‘මම කැමතියි නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා මේ ඇමති චරිතයට ගන්න.’’

 

රාහුල හිමියන් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට මේ බව කියද්දි එතැන සිටි මන්ත‍්‍රීවරුන් නාමල් මන්ත‍්‍රීවරයා වෙනුවෙන් කීවේ, ‘‘රාහුල හාමුදුරුවනේ මන්ත‍්‍රී තුමා නළුවෙක් වගේ වුණාට රගපාන්න සූදානම් නෑ’’ කියායි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top