Hirunews Logo
%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Monday, 09 November 2015 - 13:17
බෙදුණු යහපාලනය, සෝභිත හිමි යළි එකතු කරයි
71

Shares
8,531

Views
ඇවන්ගාඞ් සිද්ධිය නිසා මේ වනවිට යහපාලන ආණ්ඩුවේ විවිධ මතවාද ඇතිවී තිබෙනවා. පසුගිය සතියේ කැබිනට් රැස්වීමත් මේ හින්ද උණුසුම් වුණා. චම්පික රණවක, රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේදී තිලක් මාරපන ඇමතිවරයා ඇවන්ගාඞ් වලට සුදු හුණු ගාන්න උත්සාහ කළා කියලා දැඩි චෝදනා නගද්දී විවිධ ඇමතිවරු ඒකට එකතු වුණා. මෙහෙම ගියොත් ආණ්ඩුවේ ඉන්න එක ගැන තීරණයක් ගන්නවා කියලයි ඔවුන් කිව්වෙ. ප‍්‍රශ්නෙ කොච්චර දික්ගැස්සුණාද කියනවා නම් සඳුදා විශේෂ කැබිනට් රැස්වීමක් තියලා මේ ගැන කතා කරන්න ජනාධිපතිවරයා සූදානම් වනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇවන්ගාඞ් හිතවාදී අමාත්‍යවරුන් සිටින බව නොකිය කිව්වා.

මේ අතරේ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂත් වැඬේ හින්ද පැටලූණා. ෆොන්සේකා තමන් ඇවන්ගාඞ් බේරනවා කියලා කරන චෝදනාවලට මිලියන 500 ක් වන්දි ඉල්ලනවා කියලා අධිකරණ ඇමතිවරයා කිව්වා. ඔහු මාධ්‍ය හමුවකදී කිව්වෙ හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනීමට ෆොන්සේකාට  ඕන වුණත් තමන් එය සිදුනොකළ නිසා ඔහු තරහෙන් පසුවන බවයි. එසේම, හයිකෝප් සිද්ධිය හරහා හොරකම් කළ මිලියන 800 ක් ආපසු ධනුන තිලකරත්නට නොදුන් නිසා එම තරහ තවත් වැඩිවී ඇති බව අධිකරණ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. මෙම අවලාද පිටුපස්සේ ඇවන්ගාඞ් ව්‍යාපාර තමන් අතට ගන්න උත්සාහ කරන එක්තරා මාධ්‍ය ආයතනයක් සිටින බවටත් ඔහු චෝදනා කළා. මේක අහපු ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා උත්තර දෙන්න පටන් ගත්තේ සුපුරුදු ස්වරයෙන්මයි.

‘‘ආ එයා මට කරපු අපහාස වලට මම මිලියන 5000 ක් ඉල්ලනවා. ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවෙත් මේවා ගැන කතා කළා. ඇයි චම්පිකලාත් කතා කළේ. මොකට ද මගේ බෙල්ලෙන් විතරක් අල්ලන්නෙ. ඔහු එහෙම කිව්වෙ මිනුවන්ගොඩ පැවති රැුස්වීමකදීයි.

 කොහොම වුණත් මේ සියලූ කතාබහ මඳක් නිහඩ වුණේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමත් එක්ක. හැමදෙනාම සියලූ කතාබහ අමතක කරලා ඒ වෙනුවෙන් පෙළ ගැසුණා. ඒ, පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැළකෙන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමත් අද ලොකු මාතෘකාවක්. කෑගල්ල - රුවන්වැල්ල - අඟුරුවැල්ල ප‍්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ රැඳී සිටියදි ඔහු අත්අඩංගුවට ගත්තා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ පසු ඔවුන්ට නායකත්වය ලබාදුන් ප‍්‍රධාන පෙළේ සාමාජිකයෙකු වන්නේ කුමාර් ගුණරත්නම්.

ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ පසු කුමාර් ගුණරත්නම් සහ එම කණ්ඩායමේ දිමුතු ආටිගල 2012 අපේ‍්‍රල් 7 වනදා රාත‍්‍රියේ පැහැරගැනීමකට ලක්වූයේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ නිවසක සිටියිදියි. පසුව 9 වනදා කොළඹ අපරාධ  කොට්ඨාශය ආසන්නයට ඔවුන්ව ගෙනවිත් දමා තිබුණා. එම සිද්ධියේදී එවකට  ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස්වරිය ඊට මැදිහත්වූයේ කුමාර් ගුණරත්නම් නමින් හඳුන්වන නොයෙල් මුදලිගේ නැමති පුද්ගලයා  ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙකු වීම හේතුවෙන්. මේ නිසා අපේ‍්‍රල් 10 වනදා ඔහුව මෙරටින් පිටුවහල් කළා.

කොහොම වුණත් කුමාර් ගුණරත්නම් කියන්නේ මෙරට දේශපාලනේ විවිධ අවස්ථාවල නොසිතූ විදියට ඉස්මතු වෙන කෙනෙක්. හිටපු ගමන් අතුරුදන් වන ඔහු යළි එක්වරම කරළියට එනවා. එයා හිටියත් එකයි, නැතත් එකයි කියලා තමයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා නම් කියන්නේ.

පසුව සංචාරක වීසා මත 2015 ජනවාරි පළමුවනදා ඔහු යළි දිවයිනට පැමිණියා. ඉන්පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ඔහුව යළිත් රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින්. එහෙත් 2015 පෙබරවාරි 18 වනදා අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප  කෙරුණා.

ඒ අනුව ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණා. පොලීසිය ප‍්‍රකාශ කළේ කුමාර් ගුණරත්නම් නැමැත්තා දස්කොන්, දයාලාල් යන නම්වලින්ද පෙනී සිට ඇති බවයි. පසුගිය මහ මැතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවටද ඔහුගේ නම ඇතුළත් වූයේද මෙවන් පසුබිමක් තිබියදියි.

මේ අතරේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම්, අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට දැඩි අවශ්‍යතාවක් පැවතුණ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට සාකච්ඡුාවක් ලබා දෙමින් ප‍්‍රකාශ කළා. වැඬේ තවත් උණුසුම් වුණේ ඒකෙන් පස්සෙ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමන්ට කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූප පවා ලබාදෙමින් ඔහු රැදී සිටින ප‍්‍රදේශ පිළිබඳව තොරතුරු ලබාදුන් බව සඳහන් කළ ගෝඨාභය රාජපක්ෂ තමා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ තමන්ට ලැබුණු කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූප තහවුරු කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙත යැවූ බවත් ඒකෙදී කියලා තිබ්බා. මේ ගැන ඇහුවම ජනතා විමුක්ති පෙරමුණ කිව්වෙ අමුතුම කතාවක්.

‘‘එතකොට අර සුදුවෑන්වලින් කට්ටිය උස්සන්න කියලත් ගෝඨාභයට කිව්වෙ අපිද ? පිටුවහල් කරපු ගුණරත්නම් පසුගිය ජනාධිපතිවරණ සමයේ ආපහු ලංකාවට එන්නෙ දුමින්ද නාගමුව දිනවන්න වෙන්න ඇති. එම පක්ෂයේ බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා එහෙම කියද්දී තවත් අපූරු වැඩක් සිද්ධ වුණා.

ඒ තමයි කුමාර් ගුණරත්නම් යනුවෙන් සාමාජිකයෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සිටි බව එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ පළමු වතාවට පිලිගැනීම. ජනතා විමුක්ති පෙරමුණ නම් කියන්නෙ කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් අපිනම් දන්නෙම නැහැ කියලා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
137 Views
6,353 Views
5,960 Views
6,027 Views
256 Views
7,865 Views
Top