Hirunews Logo
%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B6%BA
Sunday, 31 January 2016 - 20:13
ෆොනීගේ අලූත් දීගය
444

Shares
53,298

Views
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මේ සතියේ එක්සත් ජාතික පෙරමුණට එක්වනවා. එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්ස්කා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා  වට කිහිපයක් පැවති බවයි වුණේ.ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දැනට පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ලබාදීමට එකගත්වයක් ඇතිවෙලා. එමෙන්ම ඔහුට ඉදිරියේදී අමාත්‍ය ධුරයක් ද ලබාදෙන්න නියමිත අතර, ඒක මොකක්ද කියලා නම් තාම තීරණය කරලා නැහැ.

සතිය උණුසුම් වුණේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් එක්ක. සී.එස්.එන්. නාලිකාවේ ප‍්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප‍්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම මෙන්ම පවත්වාගෙන යෑමේ චෝදනා මත යෝෂිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්. පසුව කට්ටිය කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

යෝෂිත රාජපක්ෂකට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප‍්‍රකාශක,  සී.එස්.එන් නාලිකා ප‍්‍රධානී රොහාන් වැලිවිට සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරියා වන නිශාන්ත රණතුංග සහ අධ්‍යක්ෂවරුන් වන කවිෂාන් දිසානායක සහ අෂාන් ප‍්‍රනාන්දුයි. යෝෂිත බලන්න බන්ධනාගාරයට ගිය හිටපු ජනපති මහින්ද කිව්වේ දරුවො අතෑරලා මාව හිර කළා නම් ඉවරනේ කියලා.

 මේ අතරතුරේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර යළි හොඳ හිත ඇති කිරීම සඳහා ජාතික ආණ්ඩුවට එක්වී සිටින නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් සූදානම් වනවා. මෙම කණ්ඩායමට නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 කට අධික පිරිසක් ඇතුළත් වන බවයි වාර්තාවන්නේ. අනුරාධ ජයරත්න, ලසන්ත අලගියවන්න, දුලිප් විජේසේකර, අරුන්දික ප‍්‍රනාන්දු, නිමල් ලංසා යන නියෝජ්‍ය අමාත්‍යවරුන් මේ සඳහා පෙරමුණ ගෙන ඇති අතර සුසන්ත පුංචි නිලමේ, ලක්ෂමන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම, තාරක බාලසූරිය, දුශ්‍යන්ත මිත‍්‍රපාල, තාරානාත් බස්නායක යන නියෝජ්‍ය අමාත්‍යවරුන් ද ඊට සහාය ලබාදෙන බව සදහන්. ඔවුන් දැනටමත් මේ පිළිබඳව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා කර තිබෙනවා. මීට පෙර අමාත්‍ය එස්.බී. දිසානායක ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරයා අතර සුහදතාව වර්ධනය කිරීමේ උත්සාහයක නිරත වුණා. ඒ වැඩේ  එච්චර සාර්ථක වුණේ නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
විදෙස් සංචාරකයින්ගේ බක්මහ උළෙල
Monday, 17 April 2017 - 11:24
අප රටෙහි සංස්කෘතිය විඳහා දැක්වමින් අලුත්ගම මොරගල්ල ඊඩනි සංචාරක හෝටලයේ කළමනාකාරිත්වය විසින් මෙරට... Read More
News Image
Hiru News Programme Segments
1,610 Views
82 Views
3,333 Views
4,312 Views
11,525 Views
53,299 Views
Top