Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B7%81%E0%B7%93%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Wednesday, 05 July 2017 - 18:58
කැබිනෙට්ටුව උණුසුම්, රාජිතට ශීතලයි
15

Shares
1,863

Views
අමාත්‍ය මණ්ඩලයේ දී උණුසුම් තත්වයක් ඇතිවුයේ ද යන ප්‍රශ්නයට අමාත්‍ය රාජිත සේනාරත්න අද(05)කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වෙනස් ම පිළිතුරක් දුන්නා.

ඔහු කියා සිටියේ වායු සමීකරණ තිබු නිසා උණුසුමක් නොදැනුන බවයි.

ශීතල මිසක උණුසුමක් නොදැනුන බවත් ඔහු පැවසුවා.

කෙසේවෙතත් ඊයේ(04) පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගත් බව වාර්තා වනවා.

ඒ, දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන්.

ඇතැම් අමාත්‍යවරුන් පවසා ඇත්තේ මෙම ආයතනය පවත්වාගෙන යාම තේරුමක් නොමැති ක්‍රියාවක් බවයි.

ජනපතිවරයා මෙහි කටයුතු ගැන අසතුට ප්‍රකාශ කර ඇති අතර අගමැතිවරයා කියා ඇත්තේ තමන්ද සැහීමකට පත් නොවන බවයි.

තමා සමග සිටින ෆවුසි ඇමතිවරයා හා පියංකර ජයරත්න වැන්නවුන්ට එරෙහිව මිස දුෂණ කළ සැබෑ පුද්ගලයන්ට එරෙහිව මෙම කාර්යාලය කටයුතු කර නොමැති බවයි.

මෙම කාර්යාලය පවත්වාගෙන යාමට මාසිකව වැයවන මුදල රු. මිලියන 12ක්.

විමර්ශන නොකරන අධ්‍යක්ෂවරු පමණක් 05 ක් එහි සිටින බව සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කොටගලදී පීලි පැන්න තැපැල් දුම්රිය
Thursday, 13 July 2017 - 18:54
හැටන් සහ කොටගල අතරදී පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරි තුන පීලිගත කිරීමට සති දෙකක පමණ කාලයක් ගතවන... Read More
News Image
News Image
Hiru News Programme Segments
491 Views
7,480 Views
4,374 Views
810 Views
1,293 Views
1,859 Views
Top