Hirunews Logo
%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 07 November 2017 - 17:10
තෙල් නිසා ඇමතිවරු ගැටෙයි
349

Shares
41,928

Views
මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය අර්ජුන රණතුංග හා අමාත්‍ය දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුනා.

ඒ, මෙවර අමාත්‍ය මණ්ඩලය  තෙල් මිල ගැන සුවිශේෂී අවධානයක් යොමු කරමින් ආරම්භ වීමත් සමගින්.

විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග ඉන්ධන හිඟයකට බලපෑ කරුණු කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කර තිබෙනවා.

ඒ අතරේ  දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පවසා ඇත්තේ  “මේකෙන් වෙන්නේ ජනාධිපතිතුමා අපහසුතාවයට පත් වීම. මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට...”  බවයි.

ඒ සමඟම කැබිනට් රැස්වීම උණුසුම් වූ අතර අර්ජුන රණතුංග අමාත්‍යවරයා ද පිළිතුරු දීමට උත්සහ කළා.

එහිදී චම්පික රණවක අමාත්‍යවරයා, අර්ජුන අමාත්‍යවරයාට සහය පළ කරමින් කතා කළා.

ඔහු පැවසුවේ මේ ප්‍රශ්නය සුළුවෙන් තැකිය නොහැකි බවයි.

  “මේ ප්‍රශ්නේදී තෙල් ස්ටොක් එකක් තියා ගත්තේ නැති එක ප්‍රශ්නයක්. නමුත් අමතක කරන්න එපා මේක මාෆියාවක්. මේක ලේසියට ගන්න එපා. මගේ කාලෙත් මේ මාෆියාව ක්‍රියාත්මක වුණා. අපි දැන් බලන්න ඕන මේ ප්‍රශ්නේ විසඳා ගැනීම. මේ ප්‍රශ්න තනියම එනවා නෙමෙයි. එකිනෙකට බැඳී එන්නේ...”

පසුව සාකච්ඡාවට එක් වූයේ දයා ගමගේ අමාත්‍යවාරයයි.

 “අර්ජුන රණතුංග ඇමැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා, බාල තෙල් මේ රටට නොගෙනාපු එක ගැන. අද මෙහෙම වුණාට කලින් නම් බාල තෙල් අපේ රටට ගෙනවා. ඒ වෙලාවලදී පළමුවැනි ටෙස්ට් එක පේල් වුණත් දෙවැනි ටෙස්ට් එකත් පේල් වුණත් ඊට පස්සේ තුන්වැනි ටෙස්ට් එකක් කරලා ඒක පාස් කරලා තෙල් ටික ලංකාවට ගෙනාපු අවස්ථාත් තිබුණා....”

එහිදී ඔහු මිට පෙර ඛනිජ තෙල් භාරව සිටි  චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා දෙසද බැල්මක් හෙලුවා.

එහිදී චන්දිම අමාත්‍යවරයා පැවසුවේ  “අපේ කාලේ මේ වගේ ප්‍රශ්න වුණේ නැහැ....” කියයි.

නැවත වරක් අර්ජුන රණතුංග අමාත්‍යවරයා අදහස් පළ කර තිබෙනවා.

“ජනාධිපතිතුමනි, මම කියන්නේ මේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න. එස්. එම්. එස් එකක් ගියා ස්ට්‍රයික් එකක් එනවා කියලා. ඒක ගැන පරීක්ෂණයක් කරන්න. අපි දැන් හදන්නේ කොහොම හරි මේ ප්‍රශ්නය විසදා ගන්න. ඒ අස්සේ දයාසිරි ඇමැතිතුමා බොර දියේ මාළු බාන්න හදන එක ගැන මම කණගාටු වෙනවා. .”
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
144 Views
883 Views
6,018 Views
5,639 Views
176 Views
41,888 Views
Top