%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A.
Saturday, 29 October 2011 - 16:36
විජේවීරගේ රහසිගත පොතක්.
3

Shares
456

Views

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගිය අඟහරුවාදා (25) රැස්වුණා. එහිදී විශේෂයෙන් සාකච්ජා වූයේ නොවැම්බර් 13 වැනිදාට යෙදී ඇති 22 වන ඉල්මහ විරු සමරුවේ සංවිධාන කටයුතු පිළිබඳවයි. එහිදී රෝහණ විජේවීර පිළිබඳව හැඟීම්බර මතකය අවදිකළ ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහ, එක්තරා පොතක පිටපතක් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළා. මෙය 1971 අරගලයෙන් පසු සිරගතව සිටියදී රෝහණ විජේවීර ඉතා රහසිගතව ලියූ පොතක්. කෙසේ වෙතත්, 1973 දී පමණ එම පොතේ අත් පිටපත ජනතා විමුක්ති පෙරමුණේ එවකට ප‍්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක අතට පත් කිරීමට ඔහු සමත්ව තිබුණා. අනතුරුව පයින් පාගන මුද්‍රණ යන්ත‍්‍රයක් මගින් එය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් මුද්‍රණය කර පක්ෂ සාමාජිකයන් අතර, රහසිගතව බෙදා හැරුණා. 71 අරගලයට පෙර පක්ෂය තුළ පැවති කල්ලිවාදය සහ කට්ටිවාදය පිළිබඳ සිය අත්දැකීම් එම පොතට ඇතුළත් වනවා. රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය පිළිබඳ රෝහණ විජේවීරගේ අත්දැකීම් කිහිපයක්ද ඊට ඇතුළත්. රුසියානු සමාජවාදී විප්ලවයට පෙර එහි කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට රිංගා ගෙන සිටි පොලිස් ඔත්තුකරුවෙකු පිළිබඳවද පසුව හෙළිදරව් වුණා. එම අත්දැකීම් මත විප්ලවවාදී පක්ෂයක් ඔත්තුකරුවන්ගෙන් බේරා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමුකරන ලෙස රෝහණ විජේවීර එම පොත තුළින් පක්ෂ සාමාජිකයන් දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ පොත යළි මුද්‍රණය කර මෙවර ඉල්මහ විරු සමරුවේදී එළිදැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top