Hirunews Logo
%E0%B6%9A%E0%B6%BB%E0%B7%96+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Saturday, 29 October 2011 - 16:37
කරූ - සජිත් රහස් හමුවක්.
3

Shares
415

Views

එක්සත් ජාතික පක්ෂය තුළ පසුගිය සතියේ බොහෝ කතාබහකට ලක්වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණගේ සහ පළාත් සභා මන්තී‍්‍ර ශිරාල් ලක්තිලකගේ තාවකාලික පක්ෂ තහනම පිළිබඳවයි. පසුගිය පළාත් පාලන ඡන්දයේදී පක්ෂයට එරෙහිව කටයුතු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා. පක්ෂ තහනම සිදුකළ දිනයේම නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මෙන්ම, නියෝජ්‍ය නායක කරූ ජයසූරියද ඊට විරෝධය පළ කළා. මේ සම්බන්ධයෙන් කරූ ජයසූරිය සහ සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරුන් අතර රහස් හමුවක් පැවති බවද වාර්තා වුණා. එහිදී පක්ෂයේ අනාගතය පිළිබඳ දීර්ඝ කතාබහක් ඇති වූ බව සඳහන්. බුද්ධික පතිරණ සහ ශිරාල් ලක්තිලක මන්තී‍්‍රවරුන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටීමටද එහිදී එකඟතාවයක් ඇති වී තිබෙනවා. මෙම හමුවෙන් පසු එම දෙදෙනාගේ මූලිකත්වයෙන් තවත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 14 දෙනෙකු එකතු වී තවත් සාකච්ජාවක් පවත්වනු ලැබුවා.  ඉන් අනතුරුවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වන රුක්මන් සේනානායක සහ හිටපු අමාත්‍ය ඉමිටියාස් බාකීර් මාකර් විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවා තිබුණේ. එහිදී රුක්මන් සේනානායක මෙසේ සඳහන් කළා.

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් ඉවත් කරන්න  ඕනේ. මේ පක්ෂයට දිනන්න පුළුවන් වෙන්නේ එතකොටයි. නියෝජ්‍ය නායක දෙපළටත් මං මේ ගැන දැන්වූවා. මොකද නායකයා යන්නේ නැත්නම් පක්ෂ සම්මේලනයක් තියලා හරි එයාව ඉවත් කරන්න  ඕනේ. සියලූම ඡන්ද පැරදුණේ එයා හින්දයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top