Hirunews Logo
%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Saturday, 29 October 2011 - 16:41
ටී.එන්.ඒ. පුපුරයි.
3

Shares
469

Views

දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන්, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර සහ මාවෙයි සේනාධිරාජා එම්.ඒ සුමන්දිරම් පසුගිය සඳුදා (24)රාත‍්‍රියේ ඇමරිකාව බලා පිටත්ව ගියේ එරට රාජ්‍ය බලධාරීන් මෙන්ම ජගත් මහලේකම්වරයා හමුවීමේ අපේක්ෂාවෙන්. මෙම ගමන රහසිගතව සංවිධාන කළ එකක් වුවත් එය මාධ්‍යයට අනාවරණය වීමත් සමග පක්ෂය තුළ මත ගැටුම් උග‍්‍ර වුණා. විශේෂයෙන් ටී.එන්.ඒ. තුළ සිටින ටෙලෝ සංවිධානය නියෝජනය කරන එන්.කේ. සිවාජිලිංගම් දැඩි විරෝධයක් පළ කර තිබුණා. ඊට සෙල්වම් අඩෙක්කනාදන් මන්ත‍්‍රීවරයා ද එක්වුණා. ශිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා එළිපිටම පැවසුවේ

‘‘ඒ ගොල්ලෝ ගමන් රහසින් සංවිධාන කරනවා. අපිට කියන්නේ නෑ. ආණ්ඩුවත් එක්ක තියෙන සාකච්ඡාවලටවත් ටෙලෝ එක විදියට අපිට කිව්වේ නෑ. අපි ටෙලෝ එකේ මධ්‍යම කාරක සභාව නොවැම්බර් 6 වැනිදා ති‍්‍රකුණාමලේදී රැස් කරනවා. මේකට තීරණයක් ගන්න  ඕනි.’’

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මෙම ඇමරිකා ගමන පිළිබද මෙන්ම බෑන් කී මුන් හමුවීමට ඇති සූදානම පිළිබද රජය රාජතාන්ත‍්‍රිකව දැඩි විරෝධය පළ කළා. කෙසේ වෙතත් දැනට වාර්තා වන්නේ මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් රොබට්  ඕ බ්ලේක් ව ටී.එන්.ඒ. හමුවූ බව වාර්තා වුණා. ඇමරිකාව ලවා ශ‍්‍රී ලංකාවට බලපෑම් කිරීමට දෙමළ සන්ධානය උත්සාහ කරන බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රාජතාන්ත‍්‍රික පිළිවෙත්වලට පටහැනිව දෙමළ සන්ධානය ගත් මෙම පියවර පිළිබද රජය දැඩි අවධානය යොමු කර ඇති බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මීට අමතරව දෙමළ සන්ධානය කැඞී බිදී යාමේ දේශපාලන අවධානමක් ද මේ වන විට මතුව ඇති අතර එහි ප‍්‍රධාන භූමිකාවට පණ දෙන්නේ එම්.කේ. ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයායි. බොහෝ විට ඔහු නියෝජනය කරන ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීම නොවැම්බර් මාසයේ ප‍්‍රකාශයට පත්වීමට ඉඩ තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
300 Views
39,315 Views
16,325 Views
21,703 Views
272 Views
89,134 Views
Top