%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Saturday, 05 November 2011 - 20:00
ලාල්කාන්ත දැඩි කි‍්‍රයාමාර්ග ඉල්ලයි.
3

Shares
470

Views

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පැලවත්ත පක්ෂ කාර්යාලයේදී පසුගිය දා හමුවූයේ නොවැම්බර් 13 වැනිදාට යෙදී ඇති 22 වැනි ඉල් මහ විරු සමරුවේ ඉදිරි සංවිධාන කටයුතු ගැන සොයා බැලීමටයි. එහිදී රටේ දේශපාලන කරුණු කිහිපයක් ගැන ද කතා බහට ලක්වුණා. සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක එහිදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට්ි ආයතන මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය පිළිබද දැනුවත් කළා.

 

පසුව සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සාකච්ඡාවට එක්වූ අතර කෝප් කමිටුව හමුවේ හෙළි වූ ලංකා පුත‍්‍ර බැංකුවේ මුදල් ගනුදෙණු පිළිබඳ ඔහු විස්තර කළා. ලංකා පුත‍්‍ර බැංකුව පෞද්ගලික ව්‍යවසායකයන් සඳහා සහන පොලී අනුපාතය යටතේ ණය ලබා දෙනවා. එසේ දුන් ණය නැවත අය කර ගැනීමේදී සිදුවී ඇති වංචා, දූෂණ පිළිබඳව මතුව ඇති ගැටළු විභාග කිරීමට එම බැංකුව කෝප් කමිටුව හමුවට කැදවා තිබුණා.

 

හිටපු මන්ත‍්‍රී කේ.ඞී. ලාල්කාන්ත සංවාදයට එක්වූ අතර ඔහු පැවසුවේ ආණ්ඩුවේ අක‍්‍රමිකතා පිළිබදව ජනතා විමුක්ති පෙරමුණ මීට වඩා දැඩි තීරණවලට යා යුතු බවයි. ඊට සියලූ නායකයෝ එකඟ වී තිබෙනවා.

 

ඉන් පසු ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉල් මහ විරු සමුළුවේ සංවිධාන කටයුතු පිළිබද සූදානම පිළිබදව සහ එදින එළිදැක්වීමට නියමිත රෝහණ විජේවීර ලියන ලද පොතේ මුද්‍රණ කටයුතු පිළිබද විමසා සිටියා. ඊට පිළිතුරු දුන්නේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්. ඔහු පැවසුවේ පිටපත් 25,000ක් මුද්‍රණය කිරීමට නියමිත බවයි. මෙවර ඉල් මහ විරු සමුළුව විදෙස් රටවල් රැසක ද පැවැත්වෙන අතර කටාර් රාජ්‍යයේ පැවැත්වෙන සමරුවේ විශේෂ දේශනය පැවැත්වීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සහභාගි වීමට නියමිතයි. 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top