Hirunews Logo
%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%AF%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F.+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Saturday, 05 November 2011 - 20:02
අපිට බැරි කාලේ ශ‍්‍රී ලංකාව උදව් කළා. - චීන රතු කුරුස සමාජය කියයි.
3

Shares
476

Views

චීන රතු කුරුස සමාජයේ සහ තායිවාන රතු කුරුස සමාජයේ ආරාධනයෙන් ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජයේ නියෝජිතයින් පිරිසක් පසුගිය සතියේ දෙරටේ සංචාරක නිතර වුණා. මෙරට රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ එහි  මූල්‍ය කොමිසමේ සභාපති ප‍්‍රසන්න දිසානායකට අමතරව විශේෂ ආරාධනයක් පරිදි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ද එම සංචාරයට එක්ව සිටියා. මෙහිදී ත‍්‍රස්තවාදය අවසන්වීම ගැනත් පොදුවේ ශ‍්‍රී ලාංකේය ජනතාව භූක්ති විදින නිදහස ගැනත් දෙරටේ රතු කුරුස නියෝජිතයින් අදහස් දක්වා සිටියේ මහත් ප‍්‍රසාදයෙන්.

 

‘‘අපට නැති බැරි කාලේ උදව් කළ රටක් තමයි ශ‍්‍රී ලංකාව. අපිට ඒවා අමතක වෙන්නේ නැහැ.’’

 

චීන රතු කුරුස සමාජයේ විධායක සභාතිනී ෂා  ඕ බෙයිග් ප‍්‍රකාශ කළා.

 

‘‘සුනාමි වේලාවේ අපිට චීනේ උදව් කරපු හැටි හොදට මතකයි. සමහර බටහිර රටවල් ඒ මහා ඛේදවාචකය වෙලාවේදිත් කොන්දේසි දාලා උදව් කරද්දී චීනය උදව් කළේ කොන්දේසි විරහිතව.’’

 

ජගත් අබේසිංහ ප‍්‍රකාශ කළා.

 

‘‘යුද්ධය අවසන් වුණායින් පස්සේ සිදුවන වේගවත් සංවර්ධනය දැක බලා ගන්න ඔබතුමීලටත් එන්න පුළුවන්. අපේ ජනාධිපතිතුමා හැමෝටම කියන්නේ ලංකාවට ඇවිත් එදා මෙදා වෙනස දැක ගන්න කියලා.’’

 

ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ද සංවාදයට එසේ එක්වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
300 Views
39,315 Views
16,325 Views
21,703 Views
272 Views
89,134 Views
Top