Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
Saturday, 05 November 2011 - 20:08
කොළඹ මහ නගර සභාවේ පාලකයන් සහ විපක්ෂය පොලිසියට.
4

Shares
526

Views

කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් වැඩ භාර ගත්තේ පසුගිය සඳුඳා (31) දිනයේයී. ඉන් පසුව මුලින්ම සිදුවු රාජකාරීය වූයේ කාමර අවුලකට මැදිවීමයි. විපක්ෂ නායක මිලින්ද මොරගොඩගේ පිරිසක් කොළඹ මහ නගර සභාවේ කාමරයක ඉබි යතුරු කඩා බලහත්කාරයෙන් ඇතුළු වූ බව නව පුරපතිවරයා චෝදනා කළා. මේ පිළිබඳ ඔහුගේ පාර්ශවයෙන් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා. එහෙත් විපක්ෂය පාර්ශවයෙන් ප‍්‍රකාශ වූයේ තමන් නීත්‍යානුකූලව කොළඹ මහ නගර සභාවේ කාමර දෙකක් රාජකාරී කටයුතු සඳහා ලබාගත් බවයි.

කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක මිලින්ද මොරගොඩ, බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංගට කතා කර රාජකාරී කටයුතු සඳහා කාමර දෙකක් ලබාදෙන ලෙස ඉල්ලා තිබුණා. මහ ඇමතිවරයා එම ඉල්ලීම ඉටු කරන ලෙස නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධනට උපදෙස් ලබාදුන්නා. ඉන් පසුවයි විපක්ෂයේ කණ්ඩායම එක් කාමරයක රැස්වීමක් පවත්වනු ලැබුවේ. එහිදී විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස එම්.මන්සිල් මන්තී‍්‍රවරයාව පත්කර ගත්තා. පාලක පක්ෂය පොලිසි යාමෙන් අනතුරුව තම නීත්‍යානුකූලභාවය පෙන්වීමට මන්සිල් මන්තී‍්‍රවරයාද පොලිසියට පැමිණිල්ලක් කළා.

කෙසේ වෙතත්, විපක්ෂ කණ්ඩායම කොළඹ මහ නගර සභාවේ කාමරයක රැස්වූ දිනම රාති‍්‍රයේ ඔවුන්ට භෝජන සංග‍්‍රහයක් ලබාදීමට විපක්ෂ නායක මිලින්ද මොරගොඩ ඔවුන්ව කොළඹ හෝටලයකට රැගෙන ගියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top