%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Saturday, 05 November 2011 - 20:36
ජනපති ඇත්ත කියාදෙයි.
3

Shares
451

Views

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සඳුඳා (31) යළි දිවයිනට ළඟා වුණා. ජයග‍්‍රහණ රැසක් මෙම සංචාරයෙන් ශී‍්‍ර ලංකාවට අත්පත් කරගත් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් රැසක්ද හමුවී සාකච්ජා කළා. පසුගිය සමයේ අඛණ්ඩව ශී‍්‍ර ලංකාවට එරෙහිව යම් යම් මත පළ කළ කැනඩාවේ අග‍්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් හමුවීමටද ජනාධිපතිවරයා අමතක කර තිබුණේ නැහැ. එම හමුවේදී ස්ටීවන් හාපර් මෙවැනි ප‍්‍රශ්නයක් නැගුවා.

මට ලැබිලා තියෙන තොරතුරු අනුව යුද්ධයෙන් අවතැන් වෙච්ච දහස් ගණනක් තවමත් අනාථ කඳවුරුවල. ඇයි තාම නැවත පදිංචි කරේ නැත්තේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

අවතැන් කඳවුරුවල ඔය තරම් ප‍්‍රමාණයක් නැහැ. ඉන්නේ 3500 ක් විතර.

කැනඩා අග‍්‍රාමාත්‍යවරයා තමා ළඟ ඇති සටහනක් බලා, මේකේ ඊට වඩා ලොකු ගානක් තියෙනවනේ, යනුවෙන් ප‍්‍රකාශ කළා.

 ඕකේ තියෙන්නේ කීයද ?

40,000 කට වැඩි ගණනක්.


ඒක අමූලික බොරුවක්. මම ඒක ප‍්‍රතික්ෂේප කරනවා. ඉන්න මං හරියටම ගාන කියන්නම්.

එසේ කියූ ජනාධිපතිවරයා වහාම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට කතා කර අවතැන් කඳවුරුවල සිටින සංඛ්‍යාව හරියටම දැනගෙන ප‍්‍රකාශ කරන ලෙස දැනුම් දුන්නා. ඒ අතර, කැනඩා අග‍්‍රාමාත්‍යවරයා යම් නම්‍යශීලිභාවයක් පෙන්වනු ලැබුවා.

මම තව මේ ගැන සොයන්නම්.

එවිට ජනාධිපතිවරයා මෙවැනි ඉල්ලීමක් කළා.

කොටි සංවිධානය කියන්නේ ලංකාවට මහා විනාශයක් කරපු ත‍්‍රස්තවාදී සංවිධානයක්. ඔබතුමා ත‍්‍රස්තවාදයට උදව් කරන්න එපා. ඔවුන් ඔබගේ රටේ ඉඳලා ප‍්‍රචාරක කටයුතු කරනවා.

එම ප‍්‍රකාශයත් සමගම ස්ටීවන් හාපර් කල්පනාවට වැටුණා. පසුව මෙසේ ප‍්‍රකාශ කළා.

එහෙම කියන්න එපා, මම තමයි කැනඩාවේ එල්.ටී.ටී.ඊ. ය තහනම් කළේ.

උතුරේ සංවර්ධනය, දෙමළ ජනතාවට කර ඇති සේවය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කළා. ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇති බවත්, එහිදී ලැබෙන විසඳුම කි‍්‍රයාත්මක කිරීමට සූදානම් බවත් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියා. එහිදී කැනඩා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ මෙවැන්නක්.

ඔබතුමා වරදවා හිතන්න එපා. මම කවදාවත් ත‍්‍රස්තවාදයට උදව් දෙන්නේ නැහැ.

මේ අතර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අවතැන් කඳවුරුවල සිටින සංඛ්‍යාව හරියටම ජනාධිපතිවරයාට දන්වනු ලැබුවා. පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවැරදි ගණන මෙසේ සඳහන් කළා.

මම කලින් කිව්වා අවතැන් කඳවුරුවල ඉන්න ගණන 3500 ක් කියලා. ඒත් හරිම ගණන 7000 යි. දැනුයි මට ඒ තොරතුරු ලැබුණේ.

මෙසේ නිහතමානීව නිවැරදි තොරතුරු සොයාබලා ඉදිරිපත් කිරීම පිළිබඳව කැනඩා අග‍්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් ජනාධිපති මහින්ද රාජපක්ෂට ස්තූති වන්ත වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top