Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81.
Saturday, 12 November 2011 - 19:50
විජිත රණවීරගෙන් සහ පියසේන රාමනායකගෙන් කැරළිකරුවන්ට සහය දෙන ප‍්‍රකාශ.
4

Shares
586

Views

ඉල්මහ විරු සමරු 2 ක් පසුගිය සතියේ කොළඹ සංවිධානය කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ සහ කැරළිකාර කණ්ඩායම මේවා සංවිධානය කළ අතර, කැරළිකාර කණ්ඩායමේ ප‍්‍රචාරක පෝස්ටර්, කටාවුට් කඩා දැමීමේ ව්‍යාපාරයක් පිළිබඳව ඔවුන් හෙළිකර තිබුණා. ඔවුන් පැවසුවේ, එම කටයුත්ත සිදුකළේ තමන් සමග එකට දේශපාලනය කළ පිරිසක් බවයි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නිලධාරීන් පිරිසකගේ මෙහෙයවීමෙන් අදාළ පුද්ගලයන් එම පෝස්ටර් ගැලවීම සිදුකළ බව ඔවුන් චෝදනා කළා. කැරළිකාර කණ්ඩායම විජේවීරයන්ගේ අප රක්නා උරුමය නැමති සම්මන්ත‍්‍රණ 50 අවසන් කර තිබූ අතර, ගම් මට්ටමින් සාකච්ඡා අඛණ්ඩව කරගෙන යමින් සිටිනවා.  ඕපාත හෙවත්  සේනාධීර ගුණතිලක පළමු වතාවට මාධ්‍ය සාකච්ඡාවකට එක්වූයේ ද පසුගිය අඟහරුවාදායි.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ජවිපෙ පැරණිතම සාමාජිකයන් වූ විජිත රණවීර සහ පියසේන රාමනායක ජවිපෙ කැරළිකරුවන්ට සහය දක්වන ප‍්‍රකාශයන් සිදු කිරීම එක්තරා ආකාරයට එම කණ්ඩායමට වාසි සහගත තත්ත්වයක් උද්ගත කළා. 1983 ජවිපෙ තහනම් කරන විට රෝහණ විජේවීර සිට ඇත්තේ ද විජිත රණවීරගේ නිවසේයි.

කෙසේ වෙතත්, 1985 අවධියේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ එච්.එම්. එදිරිසිංහ නැමති පැරණි සාමාජිකයා පසුගියදා අභාවප‍්‍රාප්ත වුණා. ඔහු තෙලවල රැදවුම් කදවුරේ ද සිටි 1994 ජවිපෙ නැවත ප‍්‍රසිද්ධියට පැමිණීමේදී ඒ වෙනුවෙන් වැඩි මහන්සියක් දැරු අයෙක්. මැයි දින රැළිවලදී වේදිකාව ඉදිරිපිට ආරක්‍ෂකයෙකු ලෙසත් ඔහු ක‍්‍රියාකළා. මතුගම - අච්න්තා ප‍්‍රදේශයේදී  ඔහුගේ අවසන් කටයුතු සිදුකළ අතර, ජවිපෙ නායකයන් ඊට එක්ව සිටියේ නැහැ. ඊට හේතුව ලෙස ඔහුගේ හිතවතුන් පවසන්නේ ඔහු කැරළිකාර පාර්ශවයට හිතවත් ලෙස ක‍්‍රියාකිරීමයි. එහෙත් ඒ පිළිබඳ ඔහු අවසාන කාලයේ වැඩ කළ දෙහිවල ප‍්‍රදේශයේ සහ ඔහුගේ ගම්පළාත්වල ජවිපෙ සාමාජිකයන් ප‍්‍රශ්න කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top