%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92..
Saturday, 12 November 2011 - 19:54
ජවිපෙ කල් තැබීමක් ඉල්ලන්න යයි..
3

Shares
434

Views

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පැලවත්ත පක්‍ෂ මූලස්ථානයේ රැස්වුණා. එහිදී අදහස් දැක්වූ පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මන්තී‍්‍රවරයා සපිරි පාසල් දහසේ ව්‍යාපෘතිය නිසා ගැටළු ගණානාවක් මතු වී ඇතැයි සඳහන් කළා.

 

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක, පෘතුගාලයේ ලෙස්බන් නුවර පැවැත්වෙන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට සම්බන්ධ වී සිටි නිසා ඔවුන් අදාළ සාකච්ඡාවට විටින් විට දුරකථනය ඔස්සේ සෝමවංශ අමරසිංහ සමග සම්බන්ධ වුණා. අවසානයේ තීරණය වූයේ සපිරි පාසල් දහසේ ව්‍යාපෘතිය පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටීමටයි.


අලාභ ලබන ආයතන පවරා ගැනීමෙන් පනත් කෙටුම්පත ගැන ද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කතාබහ කළා. මෙවැනි පනතක් හදිසි පනතක් ලෙස ගෙන ඒම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සහ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියට පටහැනි බවයි අනුර දිසානායක මන්තී‍්‍රවරයා පැවසුවේ. ටිල්වින් සිල්වා ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු සමයේ මෙලෙස ජනතාවගේ දේපළ තම හිතවතුන්ට පවරා දුන් බවයි. ඒවා නැවත පවරා ගැනීමේ මුවාවෙන් ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයන්ට එම ව්‍යාපාර ලබාදෙන බව ඔහු කියා සිටියා.

කේ.ඞී. ලාල්කාන්ත මෙහිදී පැවසුවේ, සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමට ද ආණ්ඩුව උත්සාහ දරන බවයි. පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත මගින් එය කිරීමට උත්සාහ කළ බව ඔහු කියා සිටියා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top