Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.
Saturday, 12 November 2011 - 20:02
රනිල් ජපානයට.
3

Shares
447

Views

පසුගිය සඳුදා (07) විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ජපානය බලා පිටත්වූයේ, එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ තිස්ස නැමති කෘතිය සම්බන්ධ උත්සවයකට සහභාගී වීමටයි. එහිදී විපක්‍ෂ නායකවරයා ජපානයේ ශ‍්‍රී ලංකා කොන්සල්වරයා සුනිල් ගමගේ සමග හිරෝෂිමා කෞතුකාගාරය නැරඹීමටත් ගියා. ඉන් පසු  ඔහු පැමිණියේ කමගුරා විහාරස්ථානයටයි. එය ලෝක උරුමයක් වන අතර, එහි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පිළිරුවක් ද තිබෙනවා. ඊට පුෂ්පෝපහාර දැක්වූ විපක්‍ෂ නායකවරයා පසුව තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාට දැනුම් දුන්නේ තමන් ලන්ඩන් බලා පිටත් වන බවයි. ඒ, ජාත්‍යන්තර ප‍්‍රජාතාන්ත‍්‍රිකයන්ගේ සංගමයේ රැස්වීමකට සහභාගී වීමටයි. එම සංගමයේ උප සභාපති ධූරය දැරුවේද විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහයි. කෙසේ වෙතත්, ඔහු ලන්ඩන් බලා පිටත්වීමට පෙර තිස්ස අත්තනායකට කරුණු කිහිපයක් දන්වනු ලැබුවා.

මම වැඩබලන විපක්‍ෂ නායකවරයා ලෙස ජෝන් අමරතුංගව නම්කරලා කතානායකවරයාට ලියුමක් දුන්නා. නැත්නම් පාඩු ලබන ආයතන පවරා ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කොට මම නැති නිසා ගැටලූවක් මතු වෙන්න පුළුවන්. දැන් ජෝන් අමරතුංගට පුළුවන් අදාළ කාලය නිසි පරිදි වෙන්කරලා විශේෂ ප‍්‍රකාශයක් කරන්නත්. මම ආපහු 17 වැනිදා ලංකාවට එනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
300 Views
39,315 Views
16,325 Views
21,703 Views
272 Views
89,134 Views
Top