පාඩු ලබන ව්‍යාපාර පවරා ගන්නේ ඇයි ? ජනපති පිළිතුරු දෙයි.

Saturday, 12 November 2011 - 20:10

%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පාඩු ලබන ව්‍යාපාර පවරා ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මෙම පනතට එක්සත් ජාතික පක්ෂය දැඩි විරෝධය පළ කළ අතර, විපක්ෂ නායකවරයා ප‍්‍රධාන වශයෙන්ම ඉල්ලා සිටියේ සෙවනගල සීනි සමාගම, පැල්වත්ත සීනි සමාගම සහ ලංකා ට‍්‍රැක්ටර් සමාගම ආයතන තිස් හතේ ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසයි. එහෙත් එවැනි ඉවත් කිරීමක් සිදු නොවුනු අතර, අතෘප්තියට පත් පාර්ශවයන් අධිකරණයේ පෙත්සම් පවා ගොනුකළා. කොස් වෙතත්, පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ජාතික නිදහස් පෙරමුණ සහ හෙළ උරුමය සභා ගර්භයේ සිටියේ නැහැ. අවසානයේ පනත සම්මත වූවත්, විපක්ෂය මතුකර දැක්වු සමාගම් තුනේ හිමිකරුවන් පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවුයේ පනත සම්මතවීමට පෙර තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමටයි. ඒ අනුව සෙවනගල සීනි සමාගමේ අධිපති දයා ගමගේ, පැල්වත්ත සීනි සමාගමේ අධිපති හැරී ජයවර්ධන සහ ලංකා ට‍්‍රැක්ටර් සමාගම් අධිපති දයා වෙත්තසිංහ වෙන වෙනම ජනාධිපතිවරයා හමුවුණා.

පළමුවෙන්ම හමුවූයේ සෙවනගල සීනි සමාගමේ දයා ගමගේයී.

ජනාධිපතිතුමනි, මම මගේ ව්‍යාපාරය හොඳින් කළා. පවරා ගන්න හේතුවක් මට පේන්නේ නෑ. මම ගොවියන්ටත් සෙත සලසලා තියෙනවා.



ඔහු කඳුළු සලමින් තමන්ගේ කරුණු ඉදිරිපත් කරන විට ජනාධිපතිවරයා ඊට දැඩි අවධානයකින් කන් දුන්නා. පසුව මෙසේ ප‍්‍රකාශ කළා.

කාගෙන්වත් පළි ගන්න ආණ්ඩුව මේක කරන්නේ නෑ. මේ යෝජනාව අපි කළේ පහුගිය අයවැයෙන්. දැන් අවුරුද්දක් කල් දුන්නා. මට ලැබිලා තියෙන වාර්තා අනුව  ඕගොල්ලෝ වැඩි උනන්දුවක් දක්වන්නේ සීනි හදන්න නෙමෙයි අරක්කු හදන්න. සේරම විස්තර මම ළඟ තියෙනවා.



ජනාධිපතිතුමනි, මේ තීරණය ආපසු සලකා බලන්න බැරි ද ?


ඔයාට  ඕනේ නම්, හොඳ ව්‍යාපෘති වාර්තාවක් හදලා, රජයේ කොන්දේසි අනුව නැවත ඉල්ලූම් කරන්න. ඒක සාර්ථක යෝජනාවක් නම් ආපහු අවස්ථාව ලැබේවි. හැබැයි මේ තීරණය ආපහු හරවන්න බෑ.

පසුව ජනාධිපතිවරයා මුණ ගැසුණු, ලංකා ට‍්‍රැක්ටර් සමාගමේ අධිපති දයා වෙත්තසිංහයි. ඔහු ජනාධිපතිවරයාට ඥාතීත්වයක් ඇති පුද්ගලයෙක්. ඔහුට ජනාධිපතිවරයා මෙවැනි පැහැදිලි කිරීමක් කළා.

ඔයා මගේ නෑයෙක් වුණාට, පනත නම් ඉවත් කර ගන්න බෑ. ඔයාගේ සමාගමට නාරාහේන්පිට, කොටුවේ ගොඩක් දේපල තියෙනවා. කරන්න පුළුවන් වෙලාවේ ඒවා සංවර්ධනය කර ගත්තෙත් නෑනේ. දැනට වෙනසක් කරන්න බෑ. සාර්ථක යෝජනාවක් තියෙනවා නම් දෙන්න, ඔයාට ආපහු සමාගම ගන්න පුළුවන් ඒක අරමුණුවලට ගැලපෙනවා නම්.



ඉන් අනතුරුව පැල්වත්ත සීනි සමාගමේ අධිපති හැරී ජයවර්ධන ජනාධිපතිවරයා මුණගැසුණා. ඔහු තම ව්‍යාපාරයේ සාර්ථකත්වය ගැන කරුණු කියා සිටියා. එහෙත් ජනාධිපතිවරයා සතුව සියලූ තොරතුරු පැවති නිසා හැරී ජයවර්ධනට පිළිතුරු දුන්නේ එම කරුණු ද උපුටා දක්වමින්.



ඔයා මගේ යාලූවෙක්. මම කලින්ම කිව්වා, සමාගමේ අරමුණු අනුව වැඩ කරන්න කියලා. රජයේ ආයතන ඔයාලට පැවරුවේ ලාභ ලබන්න. උක් වගා කරන්න. කෝ ඒවා වුණා ද ? ඔයාටත් පුළුවන් රජයේ අරමුණුවලට ගැලපෙන හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන්න.