එම්.කේ.ඞී.එස්. ට බවලත් ප‍්‍රහාරයක්.

Saturday, 12 November 2011 - 20:33

%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9A.%E0%B6%9E%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%A7+%E0%B6%B6%E0%B7%80%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම් රැස්වීම පසුගිය සතියේ පැවැත්වුණේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී කරුණු රැසක් කතා බහට ලක්කිරීමට නියමිතව තිබූ අතර, විශේෂයෙන් පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනිමේ පනත් කෙටුම්පත ද ඒ අතර වුණා. කෙසේ වෙතත්, මෙම රැස්වීමට විශේෂ අමුත්තෙක්ද පැමිණ සිටියා. ඒ, පොලිස්පති එන්.කේ.ඉලංගකෝන්. ඔහු ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු නොවුණත් රැස්වීමට පැමිණියේ ප‍්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳ මැති ඇමතිවරුන් අතර ඇතිව තිබු ගැටළුවලට පිළිතුරුදීමටයි. විශේෂයෙන් පොලිස් නිල ඇඳුමෙන් ප‍්‍රභූ ආරක්ෂකයන් සැරසී සිටිය යුතු බවට පනවා තිබූ නියමය නිසා බොහෝ මන්තී‍්‍රවරුන්ට ගැටළු ඇති වී තිබුණා.

අපි දුර පලාත්වලට ගියාම අපේ ආරක්ෂක පොලිස් නිලධාරීන් යන්නෙත් නිල ඇඳුමෙන්මයි. ඒ පැතිවල උසස් පොලිස් නිලධාරීන් ඔවුන්ගේ පොලිස් ස්ථානවල අය කියලා හිතාගෙන මේ අයට වැඩ පවරලා අණ කරනවා. මේකෙන් අපි හරි අපහසුතාවයකට පත් වෙනවා.

මන්තී‍්‍රවරුන් මෙසේ පවසද්දී සුදර්ශණී ප‍්‍රනාන්දුපුල්ලේ මන්තී‍්‍රවරියද කරුණු දැක්වූවා.

මේ ගොල්ලන්ගේ ඇඳුමත් අනිත් පොලිස් නිලධාරීන්ගේ ඇඳුම් වගේ උනහම මේ ප‍්‍රශ්න ඇති වෙනවා.

මෙසේ එක් එක් මැති ඇමතිවරුන් තම ගැටළු ගැන ප‍්‍රකාශ කරද්දී බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන ද කරුණු ඉදිරිපත් කළා.

පොලිසියෙන් දීලා හිටියට මේ ආරක්ෂකයෝ අපිට හරි හිතවත්. සමහර විට මැති ඇමතිවරුන්ගේ ඇඳුම්, බෑග්, පොත්පත් පවා මේ ගොල්ලෝ අරන් යනවා. කෑම එක, වතුර බෝතලෙත් මේ ගොල්ලෝ අරන් යනවා. ඉතිං නිල ඇඳුම ඇඳලා මේවා කොහොම ද කරන්නේ.

මේ කතාවට බොහෝ මැති ඇමතිවරුන්ට සිනහ පහළ වුවද, නියෝජ්‍ය අමාත්‍යවරයා කතා කරන්නේ සිදුවන දේ බව ඔවුන් දැන සිටියා. එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම කතා කරන්නට වුණා.

මං මේ කතා කරන්නේ අපේ මන්තී‍්‍රතුමියලා ඉන්නවනේ, ඒ අයගේ බෑග් එහෙමත් මේ අය අරන් යනවා. හෑන්ඞ් බෑග් පවා අරගෙන යනවා.

එසේ කියනවාත් සමග රැස්වීමේ සිටි මන්තී‍්‍රවරියන් නොසන්සුන්තාවයකට පත්වුණා. පළමු වාග් ප‍්‍රහාරය එල්ල වූයේ සුදර්ශණී ප‍්‍රනාන්දුපුල්ලේ මන්තී‍්‍රවරියගෙන්.

ඒක වැරදියි. ඔබතුමා හෑන්ඞ් බෑග් දුන්නට අපි නම් හෑන්ඞ් බෑග් දීලා නෑ පොලිස් නිලධාරීන්ට. අපේ හෑන්ඞ් බෑග් තියෙන්නේ අපි ළඟ.

නෑ නෑ, මම ඔබතුමියට කිව්වේ නෑ. මේ වෙන වෙන මන්තී‍්‍රතුමියලා මෙතන ඉන්නවනේ.

එම්.කේ.ඞී.එස්. එසේ කියනවාත් සමග රැස්වීමේ සිටි මාලිනි ෆොන්සේකා, පවිත‍්‍රා වන්නිආරච්චි, සුමේධා ජී ජයසේන, කමලා රණතුංග, ශි‍්‍රයාණි විජේවික‍්‍රම යන මන්තී‍්‍රවරියන් වාග් ප‍්‍රහාරයකට සූදානම් වුණා. තමන් එසේ නොකරන බව දැඩිව කියා සිටි මෙම මන්තී‍්‍රවරියන් සභාව එකම ගාල ගෝට්ටියක් බවට පත්කරමින් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම හෑන්ඞ් බෑග් රැස්වීමක් බවට පත්කර ගත්තා. එම්.කේ.ඞී.එස්. ට ගැලවීමක් නොමැති තැන ඔහු නිදහසට කරුණු කීමට උත්සාහ කළත්, සියලූම මන්තී‍්‍රවරියන් එක පෙළට සිටිමින් ඔහුගේ කතාවට විරෝධය පළ කළා. අන්තිමට නියෝජ්‍ය අමාත්‍යවරයාට සිදුවූයේ මුවින් නොබැන අසුන් ගැනීමටයි.

මේ සියල්ල දෙස සිනහ වෙමින් බලා සිටි ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට අවස්ථාව ලබා දුන්නා.

අපි ප‍්‍රභූ ආරක්ෂාවට යොදවන පොලිස් නිලධාරීන්ගේ ඇඳුම ගැන සුදුසු පිළියමක් යොදනවා. වෙන් කරලා අඳුන ගන්න පුළුවන් විදියට. පොලිස්පතිවරයා එසේ කරුණු පැහැදිලි කළා.