රනිල් පැමිණි විගස ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවෙයි.

Saturday, 19 November 2011 - 16:35

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%83+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ලන්ඩනයට ගොස් සිටියේ ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ සංගමයේ රැස්වීමකට සහභාගීවීමටයි. ලන්ඩනයේ රෝයල් හෝස් ගාඞ් හෝටලයේ පැවති මෙම රැස්වීමේදී ඔහුට එම සංගමයේ ආසියා ශාන්තිකර කලාපයේ සභාපති ධුරයද හිමිවුණා. පසුව 11 වැනි සිකුරාදා විපක්ෂ නායකවරයා පක්ෂ ලේකම් තිස්ස අත්තනායකට දුරකතනයෙන් මේ බව දැනුම් දුන්නා.

 

ව්‍යාපාර පවරා ගැනීමේ පනත ගැන දයා ගමගේට පොඞ්ඩක් කතා කරන්න. ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න.




පසුව විපක්ෂ නායකවරයා මෛතී‍්‍ර වික‍්‍රමසිංහ ද සමග එඩින්බරෝ වෙත ගියේ දින කිහිපයක විවේකයක් සඳහායී.

 

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයා පසුගිය සෙනසුරාදා (12) දයා ගමගේගේ කොළඹ පිහිටි නිවසට ගියේ විපක්ෂ නායකවරයා කී පරිදි ඔහුව දැනුවත් කිරීම සඳහායී.

 

නායකතුමා කිව්වා ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න කියලා.

 

එවිට දයා ගමගේ මෙසේ සඳහන් කළා.

 

ලාබ පෙන්නපු මගේ ආයතනය පවරා ගත්තා. ඒත් ආණ්ඩුවේ භාරයේ තියෙන හිඟුරාන, කන්තලේ තාම අකි‍්‍රයයි. ඒවා සකී‍්‍රය කරලා රැකියා දෙන්න කියලා, ඒ ප‍්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණවලට යොදවන්න  ඕනේ. මම සෙවනගල ඇඟළුම් කම්හල් දෙකකුත් දැම්මා. ඒවායේ මැෂිනුත් ගලවගෙන ආවම, ඒ පැත්තේ මිනිස්සුන්ටයි රැකියා අවස්ථාව නැති වෙන්නේ.




පසුගිය සඳුඳා (14) විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග පක්ෂ ලේකම් තිස්ස අත්තනායකට දුරකතන පණිවුඩයක් ලබා දුන්නා.

 

නායකතුමා බ‍්‍රහස්පතින්දා එනවා. පිළිගැනීමක් කරමු කියන්නයි කතා කළේ.

ඒක හොඳ යෝජනාවක්. මම හැම මන්තී‍්‍රවරයෙක්ම දැනුවත් කරන්නම්. බස්නාහිර විතරක් පළාත් සභා මන්තී‍්‍රවරුන්ටත් කියමු.


 

ඒ අනුව අදාළ පිළිගැනීම සිදුවූවත්, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස හෝ එම පාර්ශවයේ පිරිස ඊට සහභාගී වූයේ නැහැ.

 

කෙසේ වෙතත්, පසුගිය සඳුඳා පක්ෂ ලේකම් තිස්ස අත්තනායක සිරිකොත මූලස්ථානයට යද්දී මාධ්‍යවේදීන් පිරිසක් එහි රැඳී සිටියා. ඒ පිළිබඳ පුදුම වූ තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයා මාධ්‍යවේදීන්ගෙන් කරුණු විමසා සිටියා.

 

අපිට කිව්වනේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසගේ මාධ්‍ය හමුවක් සිරිකොතේ තියෙනවා කියලා. ඒකයි ආවේ.


මම ඒ ගැන දැනුවත් නෑ. නියෝජ්‍ය නායකතුමාටම කතා කරලා අහලා බලන්න.



තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයා සජිත් පේ‍්‍රමදාස නියෝජ්‍ය නායකවරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන දුරකතනය මාධ්‍යවේදියෙකු අතට දුන්නා.

 
මම එහෙම මාධ්‍ය හමුවක් සංවිධාන කළේ නෑනේ.


සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයාගේ පිළිතුරෙන් මාධ්‍යවේදීන් මුහුණට මුහුණ බලා ගත්තා.

 



පසුගිය බ‍්‍රහස්පතින්දා (17) විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ දිවයිනට පැමිණි අතර, පස්වරුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සමග ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කර තිබෙනවා. අයවැය පිළිබඳවද තවත් සාකච්ජාවක් සිකුරාදා පෙරවරුවේ පැවැත්වුණා.