විහිළුවක් ගැන විජිත හේරත් කියයි.

Saturday, 19 November 2011 - 16:39

%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පසුගිය බදාදා (16) ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පැලවත්ත කාර්යලයේදී රැස්වුණා. පැවති ඉල්මහ විරු සමරුව පිළිබඳව පළමුව සමාලෝචනය කෙරුණා. එහිදී ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මෙවැනි අදහසක් පළ කළා.

 

විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට ඉතිහාසයේ මේ තරම් විශාල පිරිසක් රැස්වුණු පළවෙනි වතාව මේකයි.


ජවිපෙ ලංකාවේ ලොකුම පවුල බව නැවත වරක් තහවුරු කළා.


 

එසේ කීවේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහයි. මෙහිදී ලාල්කාන්ත ප‍්‍රකාශ කළේ ආණ්ඩුව දැන් දැන් එලිපිටම රටේ සම්පත් කොම්පැනිවලට බදු මත පවරා දෙමින් විකුණා දමමින් සිටින බවයි. උද්ඝෝෂණ වටයක් සහ පති‍්‍රකා බෙදීමක් මෙන්ම, රැස්වීම් වටයක් රට පුරා එකවිට දියත් කිරීමට ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කළ යෝජනාවට එකඟත්වය ලැබුණා. මේ අනුව 24 වැනිදා අනුරාධපුරයේ උද්ඝෝෂණයක් පවත්වා අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමටද තීරණය වුණා.

 

විජිත හේරත් කියා සිටියේ ජවිපෙ කටයුතු අඩපණ වී ඇති බවට සතුරන් නගන චෝදනා කෙතරම් විහිළුවක් ද යන්නයි. විදෙස් කමිටු සංවිධාන කරන ඉල්මහ විරු සමරුවලට පක්ෂයේ නායකයින් සම්බන්ධ කරන ලෙසට කරන ඉල්ලීම් සම්පූර්ණ කිරීමට අසීරු වී ඇති බවයි සෝමවංශ අමරසිංහ කියා සිටියේ.