ටිල්වින්, වරුණ එකම ගුවන් යානයක.

Saturday, 19 November 2011 - 16:41

%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර පාර්ශවයේ වරුණ රාජපක්ෂ පළාත් සභා මන්තී‍්‍රවරයා පසුගිය බ‍්‍රහස්පතින්දා (17) කටුනායක ගුවන් තොටුපළට ගියේ විදේශයන්හි පැවැත්වෙන ඉල්මහ විරු සමරු කිහිපයකට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව යාමටයි. ඔහු සයිප‍්‍රස්, ඉතාලි, ලන්ඩන් සහ ප‍්‍රංශ යන ස්ථානවල ඉල්මහ විරු සමරුවලට සහභාගීවීමට නියමිතව තිබුණා. අළුයම ඔහු කටුනායක ගුවන් තොටුපළට පැමිණි අතර, එහිදී ඔහුට දක්නට ලැබුණේ ඔහුට යාමට නියමිත ගුවන් යානයේම ප‍්‍රංශය බලා යාම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද ගුවන් තොටුපළේ රැඳී සිටින අන්දමයි. වරුණව දුටු ටිල්වින් මදක් ඈතට ගොස් පුටුවක අසුන්ගත් අතර, වරුණ දෙසවත් බැලූවේ නැහැ. වරුණ විටින් විට ටිල්වින් දෙස බැලූවේ යමක් කතා කිරීමට දැයි එහි සිටි ඔවුන් හඳුනන පිරිස්වල කතාබහට ලක්වුණා. එහෙත් අළුයම තුනේ පමණ සිට ගුවන් යානය පිටත් වූ 4.20 දක්වා ටිල්වින් සිල්වා එකම ඉරියව්වෙන් සිටිමින් වරුණ දෙසවත් නොබැලීමට පරෙස්සම් වුණා. කෙසේ වෙතත්, දෙදෙනාම කටාර් එයාර්වේස් සමාගමට අයත් කිව්.ආර්. 305 යානයෙන් අළුයම 4.20 ට ප‍්‍රංශය බලා පිටත්ව ගියා.