ගුරු විවේකාගාරයේ නඩු තීන්දු කතාවක්.

Saturday, 19 November 2011 - 16:44

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

පසුගිය සිකුරාදා සුදුකොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්වුණා. එහිදී බෙදුණු තීන්දුවක් ලෙස එය ප‍්‍රකාශයට පත්වුණු අතර, මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර, සුල්ෆිකාර් රෂීන් සහ ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වුණා. කෙසේ වෙතත්, වරාවැව විනිසුරුවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාව සියලූ චෝදනාවලින් නිදහස් කළා. කෙසේ වෙතත්, මීට මාසයකට පමණ පෙර මෙම තීන්දුව පිළිබඳ කොළඹ මහාමායා බාලිකා විද්‍යාලයේ ගුරු විවේකාගාරයේදී කතා බහට ලක්වී තිබෙනවා.