ජනපතිගෙන් මර්වින්ට අවවාදයක්.

Saturday, 19 November 2011 - 16:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පසුගිය බ‍්‍රහස්පතින්දා (17) නාරාහේන්පිට අභයාරාමයේදී කිරි මව්වරුන් දහසක් සහ කිරි පියවරුන් 100 ක් උදෙසා දානයක් පිරිනැමුණේ ජනාධිපතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් ආශීර්වාද පිරිනැමීම උදෙසායී. මෙම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා. පසුව ජනාධිපතිවරයා ඒ අසල මානෙල්වත්ත විහාරස්ථානයට පැමිණි අතර, එහි විහාරාධිපති ධුරය දරන්නේ බෝදාගම චන්දිම හිමියන්. මෙහිදී හිමිවරුන් අතර, පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ (වර්තමානයේ සමන්තභද්‍ර හිමි) කි‍්‍රයා කලාපය පිළිබඳව කතා බහට ලක්වුණා. ජනාධිපතිවරයා ඉදිරියේම මේ පිළිබඳව කතා බහට ලක්වු නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ කියා සිටියා.

 

දැන් උන්වහන්සේ කියනවා, සකෘදාගාමී මාර්ග ඵලය ලබා ඇති බව. ඉතිං උන්වහන්සේ එහෙම කියනවා නම් අපි මොකද කරන්නේ.

 

කෙසේ වෙතත්, බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයට පසුගිය 07 වැනිදා පැමිණි භික්ෂුණ් වහන්සේලා පිරිසක් ශාසනයට එරෙහිව ප‍්‍රකාශයන් නොකරන ලෙසට විරෝධතාවයක නිරත වුණා. එම ස්ථානයට ගිය මර්වින් සිල්වා අමාත්‍යවරයා පිටිදූවේ සිරිධම්ම හිමියන් වෙනුවෙන් පෙනී සිටියා. පසුව ජනාධිපතිවරයා මර්වින් සිල්වා අමාත්‍යවරයාට මෙවැනි උපදෙසක් ලබාදුන්නා.

 

මර්වින්, ශාසනයේ ප‍්‍රශ්න භික්ෂූණ් වහන්සේලා විසඳ ගනියි. පන්සල, ශාසනය ඒ වගේ ඒවට මැදිහත් වෙන්න යන්න එපා.

 

කෙසේ වෙතත්, බෙල්ලන්විල විමලරතන නායක හිමියන් ජනාධිපතිවරයා හමුවූයේ ද පසුගිය සතියේයී. එහිදීද, පිටිදූවේ සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් පියවරක් ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකළා. එහිදීද, ලැබුණේ මෙවැනි පිළිතුරක්.

 

ශාසනයේ කටයුතු ශාසනයටම භාරයි අපේ හාමුදුරුවනේ. අපි ගිහියොනේ. අපිට අත දාන්න බෑ. විනය විරෝධී, අකටයුතු වැඩ ශාසනයේ කෙරෙනවා නම්, ඒක ශාසනයම බලා ගන්න  ඕනේ. ජනාධිපති වුණත් මට අත දාන්න බෑ.

 

මාදුළුවාවේ සෝභිත හිමියන්ද ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කතා කර තිබුණා. එහිදීද, ජනාධිපතිවරයා මෙවැනි පිළිතුරක් ලබා දුන්නා.

 

මම මොනවා කරන්නද හාමුදුරුවනේ, පිටිදූවේ හිමියන් උන්වහන්සේ සකෘදාගාමී වුණා කියනවනේ. එහෙම වුණාද කියලා මනින්න මට මීටරයකුත් නෑ. ඉතිං ශාසනයේ දේවල් ශාසනයේම විසඳ ගන්න අරින එක හොඳයි නේද ?

 


 

 

පසුගිය සතියේ සෙවනගල සීනි සමාගමේ අධිපතිවරයාව සිටි පළාත් සභා මන්තී‍්‍ර දයා ගමගේ සහ ඔහුගේ බිරිඳ වන පාර්ලිමේන්තු මන්තී‍්‍රනි අනෝමා ගමගේ ජනාධිපතිවරයා හමුවන්නට අරලියගහ මන්දිරයට පැමිණියා.

 

ජනාධිපතිතුමනි, මට ආයතනය නිදහස් කර දෙන්න. මම කොන්දේසි විරහිතව වැඩ කරන්න කැමතියි.

 

දයා ගමගේ එසේ කියද්දී, ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළා.

 

මම ඔයාටවත්, හැරීටවත් විරුද්ධව නෙමෙයි වැඩ කළේ. කලින් සීනි නිෂ්පාදනය 12% ක් තිබුණා. දැන් 5% ට බැහැලා. ඒකට මොකද කියන්නේ. උක් ගොවීන්, උක් විකුණා ගන්න බැරිව ඉන්නවා. ඒවා වේලෙනවා. වේලෙන උක් අරගෙන  ඕගොල්ලෝ මොලෑෂ් හදනවා. එතකොට ස්පී‍්‍රට් මිසක් සීනි එන්නේ නෑනේ. ඔයාලා පාකිස්තානයෙනුත් මොලෑෂ් ගෙන්නූ බව මම දන්නවා. මම ඒක වරායෙන් නතර කළා.