තොප්පි බදු සහන ගැන ජවිපෙ කතා කරයි.

Saturday, 26 November 2011 - 20:21

%E0%B6%AD%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා (23) පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වුණා. ඉල්මහ විරු සමරුවේ ජාත්‍යන්තර උත්සව, සුදුකොඩි නඩු තීන්දුව සහ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ එහිදී කතා බහට ලක්වුණා. පක්ෂ නායක සෝමවංශ අමරසිංහ ඉල්මහ විරු සමරු සඳහා විදේශගතව සිටි නිසා දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ දුරකතනය ඔස්සේයී. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඔහු සහභාගී වූ ඉල්මහ විරු සමරු පිළිබඳව පැහැදිලි කළා.

අපේ සහෝදරවරු ඉතාලියේ මිලානෝවලත්, රෝමයේත් සංවිධාන කර තිබු සමරු උළෙල හුඟක් සාර්ථකයි. රෝහන සහෝදරයාගේ ‘‘අත්දැකීම් කිහිපයක්’’ පොත ගැන ගොඩක් අය ඇහුවා. කිහිප දෙනෙක් ඉල්ලූවා පොත වෙබ් එකට දාන්න කියලා.

පසුගිය දිනවල පක්ෂයේ ඇතිවු අර්බුද පිළිබඳව ඉතාලියේදී ඇතමුන් කරුණු විමසා ඇති අතර, ඒ පිළිබඳ ලේකම්වරයා දේශපාලන පැහැදිලි කිරීම් සිදුකර තිබෙනවා.

සුදුකොඩි නඩු තීන්දුව ලබාදෙන දිනයේ අළුත්කඬේ අධිකරණ සංකීර්ණය අවට අධිආරක්ෂිත කලාපයක් කිරීමට බුද්ධි අංශ උපදෙස් මත පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම බරපතල තත්ත්වයක් බව කේ.ඞී.ලාල්කාන්ත මෙහිදී පෙන්වා දුන්නා. නඩු තීන්දුවෙන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මිනිස් අයිතීන් ගැන පළල් කතිකාවක අවශ්‍යතාව පැහැදිලි වන බවයි දේශපාලන මණ්ඩලයේ මතය වූයේ.

ඉන් පසු අයවැය පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් කරුණු දැක්වුවා.

සිහින ඇති සහන නැති, රටින් ගෙන්වන තොප්පියටත් බදු සහන දුන් අයවැයක්.

එහිදී ලාල්කාන්ත ප‍්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපෙන් 10% ක දීමනාවක් පමණක් මෙවර රාජ්‍ය සේවකයන් වෙනුවෙන් යෝජනා කර ඇති බවයි.