තිස්සට මලික්ට අලූත් වැඩක්.

Saturday, 26 November 2011 - 20:32

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A.

පසුගිය ඉරිදා (20) විපක්ෂ නායකවරයා 05 වන පටුමගේ තම නිවසට මලික් සමරවික‍්‍රමට සහ තිස්ස අත්තනායකට ආරාධනා කර තිබුණා.

අපි ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩවලට ටිකක් තදින් ඉන්න  ඕනේ. හැබැයි එක හඬින් විරෝධතාවය දක්වන්නත්  ඕනේ. ඒකට ශක්තිමත් වෙන්න අවශ්‍යයි. අපේ එක එක කණ්ඩායම් හැදිලා, එක එක දේවල් කරලා බැහැ. මේ හින්දා අපේ ඔය බිඳිලා ඉන්න කොටස් ඒකරාශි කරන්න අඩිතාලමක් දාන්න.  ඕගොල්ලෝ එකතුවෙලා ඒක කලොත් වරදින්නේ නෑ.

විපක්ෂ නායකවරයා මලික්ගෙන් සහ තිස්සගෙන් මෙම ඉල්ලීම කළේ ශක්තිමත් විපක්ෂයක් සඳහා එක මතයක වැඩ කිරීමේ වැදගත්කමත් අවධාරණය කරමින්.

 


 

 

මුසම්මිල් තාත්තා වගේ - රනිල් කියයි.

පසුගිය සිකුරාදා (18) විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් සහ එහි ආණ්ඩු පක්ෂයේ සංවිධායක ජෝන් රාම් තම කාර්යාලයට කැඳවූවා. ඒ, කොළඹ මහ නගර සභාවේ ස්ථාවර කමිටු පත්කිරීමේදී දෙදෙනා අතර ඇතිවු මත ගැටුමක් විසඳීමටයි. මෙම අවස්ථාවට තිස්ස අත්තනායක සහ ජෝන් අමරතුංග යන එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ද එක්ව සිටියා. එහිදී විපක්ෂ නායකවරයා මුසම්මිල්ට මෙවැනි උපදෙසක් දුන්නා.

ඔයා කොළඹ මහ නගර සභාව පාලනය කරනකොට පාලක පක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ විනය තදින් ආරක්ෂා කරන්න  ඕනේ. බැරිම තැනක් වුනොත් පක්ෂයට දන්වන්න.

ඉන් පසු විපක්ෂ නායකවරයා හැරුණේ ජෝන් රාම් දෙසටයි.

ඔයා දේශපාලනයට නවකයෙක්. දිගු ගමනකට මුල පුරලයි ඔයා ඉන්නේ. තවත් අත්දැකීම් ගන්න. මුසම්මිල් ඔයාගේ තාත්තා වගෙයි. දේශපාලනය තව ඉගෙන ගන්න.

ජෝන් රාම් මේ අවවාද අසා සිටියා මිස වචනයක්වත් කතා කළේ නැහැ.

 

 


 

 

රනිල්ගෙන් කරූට යෝජනාවක්.

පසුගිය සෙනසුරාදා (19) එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කබීර් හෂීම්ගේ සහෝදරයෙකුගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවැත්වුණා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය, මහ ලේකම් තිස්ස අත්තනායක මෙන්ම රවී කරුණානායක ද මෙම අවස්ථාවට එක්වුණා. මෙහිදී විශේෂත්වය වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය බොහෝ කලකට පසුව එකට හමුවීමයි. එහිදී විපක්ෂ නායකවරයා කරූට යෝජනාවක් කළා.

නරක ද අපි සුදුකොඩි නඩුවයි, අර පාඩු ලබන ව්‍යාපාර පවරා ගන්න පනතයි එකතු කරලා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සංවිධාන කළොත්.

හොඳ අදහසක්, හැබැයි කල් නොදා ඉක්මනින් කරන්න  ඕනේ.

කරූ එසේ කියනවාත් සමග විපක්ෂ නායකවරයා එවේලේම අදාළ කටයුත්ත සංවිධාන කිරීමට තිස්ස අත්තනායකට උපදෙස් දුන්නා.

 

 


 

 

50 ක් නැත්නම් සංවිධායක ධුරය අනතුරේ.

පසුගිය බදාදා (23) එක්සත් ජාතික පක්ෂයේ උද්ඝෝෂණ සඳහා සැකසුණු සංවිධායක කමිටුවේ රැස්වීමක් සිරිකොතේ පැවැත්වුණා. විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, තිස්ස අත්තනායක, ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග, ජෝශප් මයිකල් පෙරේරා යන මන්තී‍්‍රවරුන් ද එක්ව සිටියා. 29 වැනිදා උද්ඝෝෂණ රැළියක් කොළඹ හයිඞ් පිටියේ පැවැත්වීමටත් සංවිධායකවරු තම ආසනයකින් 50 දෙනා සහභාගී කරවීමටත් මෙහිදී තීරණය වුණා. එහිදී විශේෂත්වයක් වූයේ 50 දෙනෙක් සහභාගී නොකළහොත් එම සංවිධායකවරයාගේ ධුරය පිළිබඳ නැවත සලකා බැලීමටද මෙහිදී තීන්දු කීරිමයි.