Hirunews Logo
%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Saturday, 17 September 2011 - 10:50
රොබට් බ්ලේක්ගෙන් මංගලට ආරාධනයක්.
12

Shares
1,506

Views

පසුගිය සඳුඳා (12) රාති‍්‍රයේ කොළඹ හෝර්ටන් පෙදෙසේ ඇමරිකානු තානාපති නිල නිවසේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණා. ඒ දිවයිනට පැමිණ සිටි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට්  ඕ බ්ලේක්ගේ  ප‍්‍රධානත්වයෙන්. මීට එක්ව සිටියේ කරූ ජයසූරිය, මංගල සමරවීර, රවී කරුණානායක යන එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් සහ එම පක්ෂයේ හිටපු මන්තී‍්‍රවරයෙකු වන සාගල රත්නායකයි. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කොළඹින් බැහැරව සිටි නිසා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම සාකච්ජාවේ ප‍්‍රධානත්වය ඉසිලූවේ නියෝජ්‍ය නායක කරූ ජයසූරියයි.



 සුහද අයුරින් පැවති මෙම සාකච්ජාවේදී රොබට් බ්ලේක් එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිසගෙන් පළමු ප‍්‍රශ්නය විමසුවා.

දැන් ඔයගොල්ලන්ගේ ප‍්‍රශ්න විසඳෙන්නේ කවද ද ?

ඊට එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සිනහවකින් පිළිතුරු දුන් අතර, බ්ලේක් තවත් ප‍්‍රශ්නයක් විමසුවා.

දැන් ඔය  ඕගොල්ලන්ගේ කැරළිකාර කණ්ඩායම පිටුපස්සේ ඉන්නේ ඉන්දියාව ද ?

එම ප‍්‍රශ්නයට පිළිතුරුදීමට ඉදිරිපත් වූයේ මංගල සමරවීර මන්තී‍්‍රවරයායි.

එහෙම ආරංචියක් තියෙනවා, අපිත් මේ සොයා බලමින් තමයි ඉන්නේ.

අපෙන් උදව් එහෙම  ඕන්නම් කියන්න.  ඕන වෙලාවක උදව් කරන්න අපි ලෑස්තියි.

මේ අතර, ඇමරිකානු තානාපති නිල නිවසේ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක්ද පැවැත්වුණා. ඒ අතරතුර මංගල පසෙකට කැඳවු බ්ලේක් ඔහුට විශේෂ ආරාධනයක් කළා.

"ඔය ඡන්ද වැඩ ඉවර වෙලා සති දෙකක විවේකයකට ඇමරිකාවට එන්න. එහිදී අපි හම්බවෙලා කතා කරමු."

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,239 Views
7,298 Views
8,232 Views
8,324 Views
872 Views
52,938 Views
Top