ගේ‍්‍රරුට වගකීමක්.

Thursday, 01 December 2011 - 20:52

%E0%B6%9C%E0%B7%9A%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

පසුගිය බදාදා (30) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියේ කලින් දැනුම්දීමකින් තොරවයි. එය දැන සිටියේ කිහිප දෙනෙකු පමණයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ පුත‍්‍රයාගේ මංගල්‍යයට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට පස්වරු 2.30 පමණ වුණා. ඒ වනවිට එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට සහයෝගය දක්වන බවට පොරොන්දුවෙමින් කළ කතාව කුමාරසිරි හෙට්ටිගේ ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

අපට වැඩක් ගන්න පුළුවන් මන්තී‍්‍රවරයෙක්.

ජනාධිපතිවරයා කීවේ බොහෝ ලෙංගතුවයි. ජනාධිපතිවරයා පැමිණි බව දැනගත් මැති ඇමතිවරු වේගයෙන් එතැනට ඇදී එන්නට වුණා. නිමල් සිරිපාල ද සිල්වා, මෛතී‍්‍රපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රියංකර ජයරත්න, මහින්දානන්ද අළුත්ගමගේ, නිර්මල කොතලාවල යන මැති ඇමතිවරුද ඒ අතර වුණා. ජනාධිපතිවරයාද පසුවූයේ සතුටින්. රසබර කතා බහ අඩුවක් වූයේ නැහැ. ගේ‍්‍රරු මන්තී‍්‍රවරයා පැමිණ ජනාධිපතිවරයාට ආචාර කළා.

මං ලොකු පීඩනයකින් මිදුණා. මං ආසයි ඔබතුමා එක්ක මේ රටට යමක් කරන්න. මගේ අදහස්වලට ගැලපෙන්නේ ඔබතුමා.

අපි වැඩ කරමු. ඔයාට වගකීමක් ලැබේවි.


ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනද, නියෝජ්‍ය ඇමති විජිත් විජයමුණි සොයිසා ද, ඒ අතරට එක්වුණා.

බන්දුල දැන් අර පාසල් දහසේ වැඩසටහන කොහොම ද ?


ජනාධිපතිවරයා විමසීමක් කළා.

කරගෙන යනවා සර්. හොඳ විදුහල්පතිවරුන්ගේ අඩුවක් තියෙනවා.

දක්ෂ තරුණ පිරිසක් අරගෙන පුහුණු කරන්න. දක්ෂයෝ ඉන්නවා, ඒ අයව සොයා ගන්න.


ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ඒ අතර, අමාත්‍ය මර්වින් සිල්වා පැමිණියේ මේ අපට ආව අළුත් ප‍්‍රඥාවන්තයා යැයි ගේ‍්‍රරු මන්තී‍්‍රවරයාට තට්ටුවක් දමා සුබපතමින්.

ඇයි ඔයත් ආචාර්යවරයෙක් නේ......

ජනාධිපතිවරයා කියද්දී, සැමදෙනාම සිනාසුණා.

සර්, උගත් සහ ප‍්‍රඥාවන්තයෝ කියලා දෙගොල්ලක් ඉන්නවා. අපි උගත්තුනේ, ගේ‍්‍රරු මන්තී‍්‍රතුමා ප‍්‍රඥාවන්තයෙක්. ලේසියෙන් ප‍්‍රඥාව පහළ වෙන්නේ නෑ. ඔබතුමා ප‍්‍රඥාවන්තයෙක් වුණ නිසා තමයි අපි සියලූ දෙනා නිදහසේ අද පාරේ යන්නේ. චන්ද්‍රිකා නෝනා මට බැන බැන යනවලූ සර්.  

 ඕවා ගණන් ගන්න එපා, මටත් එක එක්කෙනා ඇවිත් නොයෙක් දේ කියනවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. අපිට වැඩ තියෙනවනේ.


ජනාධිපතිවරයා කියා සිටියා.