ජනපති සීයට යයි.

Saturday, 03 December 2011 - 19:47

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%93%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පාර්ලිමේන්තුව පසුගිය සඳුඳා (28) රැස්වු අවස්ථාවේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුයේ පෙරදින දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීම ගැනයි. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණි හැම දෙනාමත් කතා බහ කළේ ජනාධිපතිවරයා රිය පදවමින් අධිවේගී මාර්ගයේ ගිය ගමන ගැනයි. විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, පි‍්‍රයංකර ජයරත්න, දයාශි‍්‍රත තිසේරා, මහින්ද යාපා, නාමල් රාජපක්ෂ යනාදි මැති ඇමතිවරුන් මේ කතා බහට එක්වුණා.

එදා කොහොමද ටුවර් එක ? ජනාධිපතිතුමා වේගෙන් යනවා දැක්කා.

විමල් වීරවංශ ඇමතිවරයා එසේ විමසුවේ නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාගෙන්.

ඒක නියම ගමනක්, අවුරුදු 10 කට විතර පස්සේ අපේ පවුලේ අය එකට ගමනක් ගියා. ඒත් පොඩි මල්ලි හිටියේ නෑ. ඒකත් දැනුනා.

නාමල් මන්තී‍්‍රවරයා එසේ හැඟීම්බරව පවසද්දී, මැති ඇමතිවරු තවත් විස්තර විමසුවා.

තාත්තා ඩ‍්‍රයිව් කරගෙන ටිකක් දුර යනකොට වේගය වැඩි වෙන්න ගත්තා. අම්මා කිව්වා ළමයි දෙන්නා පිටි පස්සේ හෙමින් යං කියලා. එහෙම කිව්වේ සීයත් පැන්නට පස්සේ.

බ්‍රේක් කළේම නැද්ද ?


ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ප‍්‍රශ්නයක් විමසුවා.

නාමල් මන්තී‍්‍රවරයා ඊට පිළිතුරු දුන්නේ සිනාසෙමින්.

ඒක නම් මතක නෑ.

ජනාධිපතිතුමාගේ ගමන දිහා බැලූවාම බ්‍රේක් ගහපු තැන් නෑනේ.

එසේ කීවේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයායී.

පාර දෙපැත්තේ මිනිස්සු ආචාර කරනකොට තාත්තට ඒකට ප‍්‍රතිචාර දක්වන්න බැරිවුණේ ඩ‍්‍රයිව් කරපු නිසා. එතකොට අම්මා කිව්වා ඔයා පරෙස්සමෙන් ඩ‍්‍රයිව් කරන්න, මම මිනිස්සුන්ට ආචාර කරන්නම් කියලා. අම්මා වැඩිම වේගෙකට යන්න දුන්නෙම නැහැ.

නාමල් මන්තී‍්‍රවරයා දිගටම කියාගෙන ගියා.

ඕකෙන් කියැවෙන්නේ අම්මා කෙනෙකුගේ වටිනාකම, අම්මා කෙනෙකුට තේරෙනවා අනතුරුදායක තැන්.

හෙට්ටිගේ කියා සිටියා.

ජනාධිපතිවරයා අධිවේගී මාර්ගයේ ගමන් කරද්දී යෝෂිත රාජපක්ෂ විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිය සොහොයුරු රෝහිතට දුරකතන ඇමතුමක් දුන්නා.

අපි ටි‍්‍රප් එකක් යනවා, ඔයා නැතුව පාළුයි.

එහිදී එක් මන්තී‍්‍රවරයෙක් ඇසුවේ,

ඔය ගමනෙදි අමාරුවක් දැනුනෙම නැද්ද ? යන්නයි.

කිසිම අමාරුවක් නෑ, මැදක් හරියෙදි ආරක්ෂක අංශය කිව්වා දැන් ඇති ආපහු හරවමු කියලා. ඒත් තාත්තා යන්න  ඕන තැනටම ගියා.

එසේ ප‍්‍රකාශ කළේ නාමල් මන්තී‍්‍රවරයායී.