ජවිපෙන් අලූත් බහුජන සංවිධානයක්.

Friday, 09 December 2011 - 20:12

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පසුගිය බදාදා (7) ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභාවේ වැඩි පිරිසක් රැස්වූයේ වැඩ කමිටුවක් සඳහායි. එහිදී පක්ෂ නායක සෝමවංශ අමරසිංහ, ලාල්කාන්තගෙන් මෙසේ විමසුවා.

‘‘අනුරාධපුරේ උද්ඝෝෂණය කොහොමද? හොදටම වැස්සා නේද? ’’

‘‘මහ වැස්සෙත්  සාර්ථක උද්ඝෝෂණයක් කළා.’’


ලාල්කාන්ත එසේ කියා සිටියා. පසුව බිමල් රත්නායක තරුණ සංගමය කොළඹ පැවැත්වූ උද්ඝෝෂණය ගැන කථා කළා.

‘‘ ඒක යුරෝපීය උද්ඝෝෂණයක් වගේ. මම දැක්කේ නෑ ඒ වාගේ පබ්ලිසිටියක් අපේ වෙන වැඩකට හම්බ වෙනවා.’’

පසුව කතා බහට ලක්වූයේ එළඹෙන 14 වැනිදා කොළඹ දී සැලසුම් කර ඇති උද්ඝෝෂණය ගැනයි. අනුර දිසානායක මන්ත‍්‍රීවරයා මෙවැනි යෝජනාවක් කළා.

‘‘ උද්ඝෝෂණයක් විතරක් මදි. විරෝධතා පා ගමනක් ගියොත් ජනතා අවධානය වැඩිවෙනවා. අය වැය විතරක් නෙවෙයි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ ගැනත් උද්ඝෝෂණය කරන්න  ඕනි.’’

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පක්ෂයේ අවධානය යොමු කළ යුතු බව බිමල් රත්නායක පැවසුවා.

‘‘උතුරේ දෙමළ අයගේ ප‍්‍රශ්නය ගැන කතා කරන්න බහුජන සංවිධානයක් හදන්න  ඕනි කියලා රාජේන්ද්‍රන් සහෝදරයා නිතරම යෝජනා කරනවා.’’

සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා. එම ව්‍යාපාරය සහෝදරත්වයේ ජනතා පවුර ලෙස නම් කිරීමට යෝජනා කළේ හිටපු මන්ත‍්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරයි.

පලස්තීන සම්මන්ත‍්‍රණය පිළිබඳවත් මෙහිදී කතා බහට ලක්වුණා. එහිදී පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මෙසේ සඳහන් කළා.

‘‘ වැඩ ගොඩක් තියෙද්දී මේ වගේ දේවලට කාලය වෙන් කරගන්නේ කොහොමද කියලා පලස්තීන තානාපතිවරයා මගෙන් ඇහුවා. මම කිව්වා ජේ.වී.පී. එකේ ඉන්නේ ජාත්‍යන්තරවාදීන්, මාක්ස් - ලෙනින් වාදීන් ඒ වාගේම ඇත්ත දේශපේ‍්‍රමීන් නිසා කළ යුතු වැඩ වලට වේලාව වෙන් කර ගැනීම අපට ප‍්‍රශ්නයක් නොවන බව.’’


..............................................................................................

ජවිපෙ ටෙලිකොම් වෘත්තීය සමිති සමුළුවේ අවුලක්.

ලංකා ටෙලිකොම් සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය පසුගිය බදාදා (07) කොළඹ දී පැවැත්වුණේ කේ.ඞී. ලාල්කාන්තගේ ප‍්‍රධානත්වයෙන්. එහි සාමාජිකයින් සංඛ්‍යාව 880 දෙනෙක්. එහෙත් සමුළුවට පැමිණ සිටියේ 87 දෙනයි. සමුළුව කොටස් දෙකකින් යුක්ත වුණා. පළමු සැසි වාරය මාධ්‍යයට විවෘත වූ අතර දෙවැන්න අභ්‍යන්තර එකක්. අභ්‍යන්තර සැසි වාරය පස්වරු 1.30ට ආරම්භ වූ අතර එහිදී නිලධාරීන් මණ්ඩලය තේරීම සහ ඉදිරි වැඩපිළිවෙල සම්මත කර ගැනීමට නියමිතව තිබුණා. සාමාන්‍යයෙන් නිලධාරීන් මණ්ඩලය පත් කෙරෙන්නේ විධායක සභාව කැදවා එහිදී නාම යෝජනා ඉදිරිපත් කර ඒවා සමුළුවේදී සම්මත කර ගැනීමෙන්. එහෙත් මෙවර විධායක සභාව නොකැදවා සමුළුවේදී නිලධාරී මණ්ඩලයක් ඉදිරිපත් කළා. එය සිදුකළේ අන්තර් සමාගම් සේවක මණ්ඩලයේ සේවකයෙකු වන රංජිත් ජයමාල් විසින්. නිලධාරීන් තෝරා ගැනීමට ඡන්ද විමසීමක් ද මෙවර පැවැත්වුණේ නැහැ. එහිදී නැගී සිටි විධායක සභා සාමාජිකයෙකු මෙසේ සඳහන් කළා.

‘‘මේක විධායක සභාවේ අනුමත නාම ලේඛනයක් නෙමෙයි. නිලධාරීන් පත් කරන්න ඡන්ද විමසීමකුත්  ඕනි.’’

එහෙත් රන්ජන් ජයලාල් ප‍්‍රකාශ කළේ මෙය පක්ෂයේ තීරණයක් බවයි. ඒ සමගම සමුළුවට විරෝධය පළ කරමින් බහුතරයක් පිරිස එම ස්ථානයෙන් ඉවත් වුණා.