ගීතාගෙන් දොස් - මාලිනිට දුකයි.

Friday, 09 December 2011 - 20:14

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.

පක්ෂ විපක්ෂ ඇතැම් මන්තී‍්‍රවරුන්ට බොහෝ දුක්ගැනවිලි තිබෙනවා. එක් එක් අවස්ථාවලදී ඔවුන් ඒවා පිට කරන්නේ නොකරම බැරි අවස්ථාවලදීයි. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මුණ ගැසුණු මෑතකදී ආණ්ඩුවට එක්වුණු මොහාන් ලාල් ගේ‍්‍රරු මන්තී‍්‍රවරයා මෙවැනි ප‍්‍රකාශයක් කළා.

ආණ්ඩුවට ආවා විතරයි, මට පුදුම විදියට මඩ ගහනවා. මං ආණ්ඩුවට එකතු වුණේ, කිසිම වාසියක් බලාගෙන නෙමෙයි. මේ රටේ දරුවෝ වෙනුවෙන්, මොනවා හරි කරන්න කියලා.

දැඩි කණස්සල්ලෙන් ගේ‍්‍රරු මන්තී‍්‍රවරයා එසේ ප‍්‍රකාශ කළ අතර, හෙට්ටිගේ හමුවු එක්සත් ජාතික පක්ෂයේ බුද්ධික පතිරණ මන්තී‍්‍රවරයා කියා සිටියේ මෙවැන්නක්.

බලන්න අයියේ, මට සිද්ධ වෙන අසාධාරණය. මං පක්ෂයට වැඩ කළේ මෙහෙම වෙයි කියලා හිතාගෙන නෙමෙයි.

මාලිනි ෆොන්සේකා මන්තී‍්‍රවරියටද දුක්ගැනවිල්ලක් තිබුණා.

මම කිසිම වරදක් කරන්නේ නැතිව, ගීතා කුමාරසිංහ මාව විවේචනය කරලා තියෙනවනේ. එයාගේ ඡන්දෙට උදව් කළේ නෑ කියනවා. එයා අපෙන් උදව් ඉල්ලූවෙත් නෑ.

ඔවුන්ගේ ප‍්‍රශ්න අසා සිටි හෙට්ටිගේ කියා සිටියේ මෙවැන්නක්.

මේ දේශපාලන සංස්කෘතියේ ඉන්නවා නම්  ඕවා බලාපොරොත්තු වෙන්න  ඕනේ. අද හොඳින් ඉන්න කෙනා හෙට තරහා වෙනවා. මේ මනාප ඡුන්ද ක‍්‍රමයත් අපිව එක් කිරීම නෙමෙයි කරන්නේ වෙන් කිරීම.

බැසිල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අළුත්ගමගේ, මහින්ද යාපා අබේවර්ධන, නාමල් රාජපක්ෂ, උදිත ලොකුබණ්ඩාර යන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී කතාබහ කරමින් සිටියේ ගේ‍්‍රරු මන්තී‍්‍රවරයාගේ ආණ්ඩු ආගමනය ගැනයි.

අපට ආපු හොඳ කෙනෙක්. ගේ‍්‍රරු මන්තී‍්‍රතුමාට ඉන්නේ හොඳ පිරිසක්.

ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා එසේ කියද්දී තවත් අමාත්‍යවරයෙක් මෙසේ සඳහන් කළා.

තවත් කිහිප දෙනෙක් යූ.ඇන්.පි. යෙන් එන්න හදන්නේ.

එසේ කියමින් ඔහු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ මුහුණ බැලූවා. ඔහු ඊට පිළිතුරු දුන්නේ සිනහසෙමින්.

ඔව්, ඔව්..... ඉදිරියට ඒවා සිද්ධ වෙයි.


පසුගිය සතියේ පාර්ලිමේන්තු සෝපානයේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට, ලසන්ත අලගියවන්න හා දුලිප් විජේසේකර යන නියෝජ්‍ය අමාත්‍යවරුන් හමුවුණා.

විපක්ෂ නායකතුමා කොහොමද ? ඔබතුමා කරූ ජයසූරිය මන්තී‍්‍රතුමාගේ වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙලා ඉන්නවා දැක්කා.

ඔව්, ඔව්..... මං ගියා. හැබැයි එදා කරූ, ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ගිය ගමන ගැන සඳහනක් තිබුණේ නෑනේ.


විපක්ෂ නායකවරයා කීවේ සිනහසෙමින්.

එතුමා 17 දෙනෙක් එක්ක ආවේ, අපේ පැත්තේ නායකකම ගන්න කියලා කවුද කිව්වා. ඒක බැරිවුනහම එතුමා ආයේ තනියම යන්න ගියා.

ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ අඩු වැඩිය එක්කළා.