Hirunews Logo
%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Saturday, 24 September 2011 - 16:38
තිස්සට සංවේදී හමුවක්.
9

Shares
1,191

Views

පසුගිය බදාදා (21) එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ නිවසට දුරකතන ඇමතුමක් ගත්තේ ඔහුගේ උපන්දිනයට සුබ පැතීම සඳහායී. අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් සාමාන්‍යයෙන් මහින්ද විජේසේකර හිටපු අමාත්‍යවරයා දුරකතනයට නොපැමිණෙන අතර ඔහුගේ බිරිඳ බොහෝවිට දුරකතනයට පිළිතුරු දෙයි. තිස්ස අත්තනායකගේ දුරකතන ඇමතුමටද පිළිතුරු දුන්නේ මහින්ද විජේසේකරගේ බිරිඳයි. එහෙත් කතා කරන පුද්ගලයා කවුරුන්දැයි අසා මහින්ද විජේසේකර හිටපු අමාත්‍යවරයා දුරකතනයට පැමිණියා.

 

සුබ උපන්දිනයක් මහින්ද.

 

තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාට කියා ගත හැකි වූයේ එපමණකි. අනෙක් පසින් ඇසුණු වචනවලට තිස්සගේ දෑස් කඳුළින් තෙත් විය.

 

අනේ ඇයි මට බෝම්බ ගැහුවේ. ඇයි කවුරුත් මාව බලන්න එන්නේ නැත්තේ.

 

දුරකතන ඇමතුමෙන් සමුගත් තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයා කඩිනමින් ලක ලෑස්ති වී මහින්ද විජේසේකර හිටපු අමාත්‍යවරයාගේ බොරැල්ල නිවස බලා පිටත් වුණා. ඔහු පැමිණි විගසම ඔහුව බදාගත් මහින්ද යළිත් සංවේදී වචන ගොඩක් දිගහැරියේ කිසිවෙකුත් නොසිතූ පරිදියි.

 

ඇයි මට මෙහෙම දෙයක් කළේ. ඇයි මට බෝම්බ ගැහුවේ.
පාර්ලිමේන්තුවේ මාව මතක් කරනව ද ? මාව කවුරුත් බලන්න එන්නේ නෑනේ.


 

හැකි පමණ හිටපු අමාත්‍යවරයාව අස්වැසූ තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයා ඔහුගෙන් සමුගත් අවස්ථාව තවත් සංවේදී එකක් වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
630 Views
6,162 Views
5,944 Views
5,982 Views
234 Views
7,693 Views
Top