ජවිපෙට අවස්ථාවාදී චෝදනාවක්.

Saturday, 17 December 2011 - 15:55

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

පසුගිය සතියේ දැඩි කතා බහට ලක්වු මාතෘකාව වූයේ එළවළු සහ පළතුරු සඳහා ප්ලාස්ටික් කූඩ භාවිත කරන ලෙස පැනවූ නීතියයි. මේ නිසා දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර, කොළඹ මැනිං වෙළඳපොලේද කටයුතු අඩපන වුණා. දඹුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ ඇතුළු ප‍්‍රදේශ රැසක වෙළඳුන් උද්ඝෝෂණවලට එක්ව සිටියා. පිටකොටුව මැනිං වෙළඳපොලේ වෙළඳුන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට එක් මංතීරුවක වාහන ගමනාගමනය කිරීමට නොහැකි තත්ත්වයක්ද උද්ගතව තිබුණා. පසුගිය සඳුඳා (12) අඟහරුවාදා (13) මෙන්ම බදාදා ද (14) මෙම තත්ත්වය දක්නට ලැබුණා.

 

බදාදා දිනයේ මැනිං වෙළඳසැලේ සේවකයින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙද්දී බොරැුල්ල කැම්බල් පිටියෙන් ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ පෙළපාලියක් ආරම්භ කළා. එතැන් සිට පුංචි බොරැල්ල, මරදාන හරහා පැමිණි පෙළපාලිය අවසානයේ පිටකොටුවෙන් කොටුව දෙසට ගමන් කළා. කොටුව දුම්රියපොළට ආසන්න වෙද්දී එතැන සිටි මැනිං වෙළඳපොලේ උද්ඝෝෂකයන් සහ ජවිපෙ පෙළපාලිකරුවන් අතර, වචන හුවමාරුවක් ඇතිවුණා. මැනිං වෙළඳපොලේ උද්ඝෝෂකයන් ජවිපෙ පෙළපාලිකරුවන් තම සටන්පාඨය සියතට ගන්නවාට කැමැත්තක් නොදැක්වූ බව පෙනුණා. එහිදී ජවිපෙ නියෝජිතයන් මෙසේ සඳහන් කළා.

 

අපිත් ඔබතුමාලා එක්ක තමයි. ඔබතුමාලගේ සටනට අපි සහයෝගය දෙනවා.

 

එහෙත්, මැනිං වෙළඳපොලේ සේවකයෙක් ඊට දැක්වූයේ මෙවැනි ප‍්‍රතිචාරයක්.

 

අවස්ථාවාදියෝ.... මෙතැනටත් ආවනේ.


 

කෙසේ වෙතත්, ජවිපෙ පෙළපාලිකරුවන් පැමිණීමත් සමග මැනිං වෙළඳපොලේ උද්ඝෝෂකයන් ඊට එක්නොවී එතැනින් ඉවත් වී ගියා.