අලූත් තරඟාවලියකට රනිල්ගෙන් යෝජනාවක්.

Saturday, 17 December 2011 - 15:57

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

පසුගිය ඉරිදා විශේෂත්වය වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන් සහ ඇමතිවරුන් අතර කි‍්‍රකට් ගැටුම ටොරින්ටන් පිටියේදී පැවැත්වීමයි. මෙහිදී රසවත් සිද්ධීන් ගණනාවක් සිදුවු අතර, පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් උද්යෝගයෙන් කී‍්‍රඩා කරනු පෙනුණා. එක් අවස්ථාවක ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු උඩ පන්දුවක් රැකගත් අතර, ඊට සතුටින් ඉපිල ගිය එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා එම මන්තී‍්‍රවරයාගේ ඇඟට පැනීම නිසා උඩ පන්දුවක් රැකගත් මන්තී‍්‍රවරයා බිම ඇද වැටුණා. කෙසේ වෙතත්, අවසානයේ ලෝක පූජිත සුපිරි කී‍්‍රඩක සනත් ජයසූරිය මන්තී‍්‍රවරයා කී‍්‍රඩා කළ කණ්ඩායම ජයගත්තේ ඇමති පිලට පරාජය අත්කරමින්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක චමල් රාජපක්ෂ මෙන්ම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහද ත්‍යාග බෙදාදීමේ අවස්ථාවට එක්වුණා. මෙහිදී විපක්ෂ නායකවරයා අපූරු යෝජනාවක් කළා.

 

දැන් අපිට පුළුවන් වෙනත් රටවල මැති ඇමති ටීම් එක්ක මැච් ගහන්න. අපිට දිනන්න පුළුවන් හොඳ ටීම් එකක් ඉන්නවා.

 

මෙම ප‍්‍රකාශයට එතැන සිටි සියලූ දෙනාම සිනාසෙමින් ප‍්‍රතිචාර දැක්වූවා.