රංගේ යළි කෘත්‍යාධිකාරීයට - තිස්සගේ පූර්ණ එකඟත්වය.

Saturday, 17 December 2011 - 15:59

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA.

ඉරිදා දිනයේදී (18) එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. ඒ, නව වසරේ තනතුරු සඳහා පත්කිරීමේ අවස්ථාවයි. එහිදී නායකත්වය සඳහා කරූ ජයසූරිය ඉදිරිපත් වුවහොත්, රනිල් සහ කරූ අතර, ඡන්ද විමසීමක් පැවැත්වීමට තවත් කෘත්‍යාධිකාරී මණ්ඩල රස්වීමක් මේ වසරේදී පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත්, පසුගිය සඳුඳා (12) එක්සත් ජාතික පක්ෂයේ උපදේශක කමිටුව විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත මන්දිරයේදී පැවැත්වුණා. ඊට සජිත්, කරූ, තිස්ස මෙන්ම ගාමීණි ජයවික‍්‍රමද එක්ව සිටියා. මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට පළාත් පාලන නියෝජිතයන් 08 දෙනෙකු තෝරාපත් කර ගැනීම පිළිබඳ යෝජනාවට එකඟත්වය පළ වුණා. පක්ෂයේ සහකාර භාණ්ඩාගාරික ලෙස ගෞරී තවරාසාද, ප‍්‍රචාරක කළමනාකරු ලෙස අස්මි තාෂීන් පත්කර ගැනුණේ මෙහිදීයි. කෙසේ වෙතත්, උපදේශක කමිටු රැුස්වීමේ එකඟතාවන් මාධ්‍යයට හෙළි නොකිරීමට එකඟතාවක් මෙහිදී ඇතිවුණා.

 

කෙසේ වෙතත්, පුත්තලම දිස්ති‍්‍රක් එජාප මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර යළි කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර ගැනීමට එකඟත්වයක් මෙහිදී ඇති වූ බව ආරංචි මාර්ග කියා සිටියා. පක්ෂ මහ ලේකම්වරයාට එරෙහිව රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයා නිකුත් කළ ප‍්‍රකාශ නිසා ඔහුට විනය පරීක්ෂණයක් පැවැත්වූවත්, පසුව එය සමථයකට පත්වූවා. මේ නිසා රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයාට යළිත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණීමට කිසිදු බාධාවක් නැහැ. මේ සඳහා තිස්ස අත්තනායක මහ ලේකම්වරයාගේ පූර්ණ එකඟත්වය හිමි වී තිබෙනවා.

 

කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා (09) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා තිස්ස, මංගල සහ ජෝන් අමරතුංග හමුවුණා. එහිදී විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළා.

 

2012 පටන් ගන්න කොටම ගම් මට්ටමේ පක්ෂ සංවිධානය ඇති කරන්න  ඕනේ. ඊට කලින් පළාත් සභා මන්තී‍්‍රවරුන් දැනුවත් කරන්න වැඩමුළුවක් පැවැත්විය යුතුයි. දෙසැම්බර් 19,20,21 ජාතික සේවක සංගම් මූලස්ථානයේ එම වැඩමුළුව පවත්වන්න.

 

එහි සංවිධාන කටයුතු මංගල සමරවීරටත්, රවී කරුණානායකටත් භාර වුණා.