මැති ඇමතිලාට මැච්, ජනතාවට පැච්.

Saturday, 17 December 2011 - 16:01

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%A0%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%A0%E0%B7%8A.

පසුගිය සතියේ දිනෙක ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මන්තී‍්‍රවරයාට මාධ්‍යවේදියෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා.

මන්තී‍්‍රතුමා අදනේ මැති ඇමතිවරුන්ගේ මැච් එක, යන්නේ නැද්ද ?

අපි  ඕවට යන්නේ නෑ. ඇමතිලයි මන්තී‍්‍රලයි, ජනතාවට ගුග්ලි දානවා, නෝබෝල් දානවා. ජනතාව ඉන්න තැනිනුත් පහළට වැටෙනවා. හැබැයි ඇමතිවරු හයේ පාරවල් ගහනවා. අපි මේ දවස්වල ජනතාවට පිතිහරඹයේ තාක්ෂණය කියලා දෙනවා. දැන් මැති ඇමතිලට මැච්, ජනතාවට පැච්.

මේ අතර, ජවිපෙ දේශපාලන මණ්ඩලය බදාදා (14) රාති‍්‍රයේ හමුවුණා. එහිදී ප්ලාස්ටික් කූඩ නීතිය පිළිබඳ කතා බහට ලක්වුණා. එහිදී කේ.ඞී. ලාල්කාන්ත දැක්වූයේ මෙවන් අදහසක්.

කූඩ ගේන එකෙන් ගොවියාට පාඩු දෙකක් සිද්ධ වෙනවා. එකක් ප‍්‍රවාහනයට යොදා ගන්න වාහනවල ප‍්‍රමාණය වැඩිකරන්න වෙනවා. එළවළු වෙළෙන්ඳන්ට ගේන කූඩ වෙනම ප‍්‍රවාහනය කරන්නත් වෙනවා.