ඇමති පිලේ පරාජයට හේතුව හෙළි වෙයි.

Saturday, 17 December 2011 - 16:51

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පසුගිය සතියේ පැවති ඇමතිවරුන්ගේ සහ මන්තී‍්‍රවරුන්ගේ කි‍්‍රකට් තරගය පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.

මෙම තරගය ගැන යෝජනාව ගෙන ආපු නාමල් රාජපක්ෂ මන්තී‍්‍රතුමාට අපේ සතුට පළ කරන්න  ඕනේ.

ඇමති ඩිලාන් පෙරේරා ප‍්‍රකාශ කළේ, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සමග කතා බහක යෙදී සිටි මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයාටයි. ජගත් පුෂ්පකුමාර, අනුර පි‍්‍රයදර්ශන යාපා, ලක්ෂ්මන් සෙනෙවිරත්න යන ඇමතිවරුන්ද එම ස්ථානයේ සිටියා.

ඒ වෙනුවෙන් අපි සතුට භුක්ති විඳලත් ඉවරයි.

මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියා.

අපි හිතුවේ සජිත් - කරූ පිලත් ඒවි කියලා. ඒ අය ආවේ නැති එකෙන්, අවාසිය වුණේ ඒ අයටමයි. විපක්ෂ නායකවරයා ආයේ ඔළුව ඉස්සුවා.

අනුර පි‍්‍රයදර්ශන යාපා, ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරුන් එසේ කියද්දී හෙට්ටිගේ මෙසේ සඳහන් කළා.

ජනාධිපතිතුමා බැට් කළා නම් ඇමති පිල දිනනවා. දැන් තේරෙනවා නේද, ජනාධිපතිතුමා බැට් නොකරන තැන ඇමතිවරුත් පරාදයි කියලා.

මෙහිදී නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා හෙලිදරව්වක් කළා.

මැච් එකට ආවා කියලා දයාසිරි ජයසේකරට, ගයන්ත කරුණාතිලකට දොස් කියලා දුරකතන ඇමතුම් ඇවිල්ලත් තියෙනවා.

මං හිතුවෙත් නෑ, තරගය මෙච්චර සාර්ථක වෙයි කියලා. දේශපාලනයේ මෙතෙක් කාලයකට නොවුණු දෙයක්.

මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශයට කාගේත් එකඟත්වය හිමිවුණා.