Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B7%83+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Saturday, 24 September 2011 - 17:37
ජනාධිපතිවරයාගේ ගමන දෙස බලන්න - ජයලත් ජයවර්ධන කියයි.
10

Shares
1,265

Views

වැදගත් විවාද කිහිපයක්ම පැවති නිසා පසුගිය සතියේ පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරු විශාල පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේද අර්බුද හේතුවෙන් හමුවන පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන්ගේ එකම ප‍්‍රශ්නය වූයේ මොකද මේ වෙන්නේ යන ප‍්‍රශ්නයයි.

 

නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා කතා බහක යෙදී සිටියේ පි‍්‍රයංකර ජයරත්න, ජගත් පුෂ්පකුමාර, මහින්ද යාපා අබේවර්ධන, ශාන්ත බණ්ඩාර, චාමික බුද්ධදාස, තේනුක විදානගමගේ, මාලිනි ෆොන්සේකා, හේමාල් ගුණසේකර යන මැති ඇමතිවරු සමගයි. සමාජ විෂමතාවය පිළිබඳ මෙහිදී කතා බහ වූ අතර, එම ස්ථානයේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේද සිටියා.

 

සමහර මිනිස්සු වියදම් කරන හැටි පුදුම හිතෙනවා. කොළඹ හෝටලයකින් 05 දෙනෙක් කාලා රුපියල් විසි තිස් දාහක් ගෙවන වෙලාවලූත් තියෙනවා. ඒත් සමහර මිනිස්සු ඒ ගානෙන් මාසයක් පවුල නඩත්තු කරනවා.

 

නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා එසේ කියද්දී එම ස්ථානයට පැමිණි නෙරංජන් වික‍්‍රමසිංහ මන්තී‍්‍රවරයා මෙසේ කියා සිටියා.

 

මිනිස්සු අනවශ්‍ය දේවල්වලට වියදම් කරන එකත් විලාසිතාවක් වෙලා.

 

එහිදී නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා පැවසුවේ.

 

සමහර ඉහළ ව්‍යාපාරිකයෝ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික හූරගෙන කරන විකාර වැඩ කොච්චර ද ? මං දැන් හම්බන්තොට අනාගත ව්‍යාපාරිකයෝ ටිකක් හදනවා.

 

ඒ කොහොම ද ?


 

ජගත් පුෂ්පකුමාර මන්තී‍්‍රවරයාට එය ප‍්‍රශ්නයක් වුණා.

 

හොඳට ඉගෙන ගන්න පුළුවන් දුප්පත් පවුල්වල කොල්ලෝ ටිකකට මම දැන් ව්‍යාපාර කළමනාකරණය, සිමා උගන්වනවා. පස්සේ ඒ අයව හම්බන්තොට ව්‍යාපාර පැත්තට යොමුකරවනවා.

 

මේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සමගම එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධනද එම ස්ථානයට පැමිණියා.

 

ආ ඩොක්ටර්, සංචාරක ප‍්‍රවර්ධන අමාත්‍යාංශය ලැබෙන්න වගේ යන්නේ.

 

කුමාරසිරි හෙට්ටිගේ කියද්දී, ජයලත් ජයවර්ධන මන්තී‍්‍රවරයා මෙසේ එය වැළැක්වූවා.

 

නිකම් හිටපන් කතා හදන්නේ නැතිව.


ඇත්තටම ඩොක්ටර් දැන් පක්ෂයේ කැරළිකාර කණ්ඩායමට මොකද වෙන්නේ.


 

නෙරංජන් වික‍්‍රමසිංහ මන්තී‍්‍රවරයා අසද්දී ජයලත් ජයවර්ධන මන්තී‍්‍රවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා.

 

ඒ අයට දේශපාලනය තේරෙන්නේ නෑ. මං තරම් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට සමීප හිතවතෙක් එදා හිටියේ කලාතුරකින්. පේ‍්‍රමදාස මහත්තයාට වට කරලා නැගිටින්න බැරි පීඩනයක් එදා පක්ෂයේ ලොක්කෝ දුන්න හැටි මට මතකයි. ඒත් එතුමා සැලූනේ නෑ. නිවාස වසර ලංකාවට ගෙනාපු වෙලාවේ, නිවාස සංවර්ධනය වෙනුවෙන් තිබුණු බජට් එකත් කැපුවා. ඒත් ජේ.ආර්. ට විරුද්ධව නැගී සිටියේ නෑ. ඒක පුදුම ඉවසීමක්.




ඉතිං ඩොක්ටර් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් විදියට මේ අයට උපදෙස් දෙන්න එපැයි.



හෙට්ටිගේ එසේ කියද්දී ජයලත් මන්තී‍්‍රවරයා මෙසේ සඳහන් කළා.



උපදෙස් දුන්නා. අහන්නේ නෑනේ. කරන්නේ ඒ අයගේ අනාගතේ අඳුරු කර ගන්න එකයි. බලන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආපු ගමන. දවසක් එතුමා රට ගියේ කම්කරු ඇමති විදියට. ලංකාවට එනකොට ධීවර ඇමති. ඒත් චන්ද්‍රිකා නෝනාව පක්ෂ නායකත්වයෙන් එලවන්න කැරළි ගැහුවේ නෑනේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,580 Views
23,723 Views
2,531 Views
979 Views
321 Views
25,812 Views
Top